Aghara POV
"අයියෙ..."
"අභී අයියේ.."
"සුදු අයියේ..."
"ච්...කට වහගෙන ඉන්නවා අනූ...මම වැඩක්නේ...වැඩ අස්සෙ ගෙදරට ගෙනිහින් දාන්න ආ-ඔය අඬනවද?"
මගෙ ශර්ට් එක ඇඟිලි දෙකකින් ඇද ඇද කෙඳිරි ගෑව අනූට මං ටැබ් එකෙන් ඔලුව උස්සන්නෙ නැතිව ම කෑ ගැහුවත් ආයෙම පව් නිසා බලද්දි එයා කවරෙ බාගෙට ගලවපු චොක්ලට් එකක් අතේ තියාගෙන කඳුළු පුරවගෙන මං දිහා බලාගෙන ඉන්නවා දැක්කා ම මට දුක හිතුණා කෑ ගැහුව එකට...ඇත්තට ම මං කේන්තියෙන් හිටියෙ ඩැඩා එක්ක...ඒත් මගෙන් බැනුම් ඇහුවෙ අනූ...
"සොරි අනූ...අඬන්නෙපා කෝ... මොකද්ද කියන්න හැදුවෙ දැන්?"
මං අනූගෙ අතින් අල්ලන්න හැදුවත් එයා අත බඩට තද කරගෙන දෙතුන් වතාවක් එක ළඟ ඇහිපිය ගැහුවා..."න්-නෑ...ලොකු දෙයක් නෙවෙයි අයියේ.. ඔයා වැඩේ කරගන්න... මං කෑ ගහන්නෙ නෑ..."
"අන්-"
ඇහෙන නෑහෙන ගානට මුමුණපු එයා ශටර් එකට ඔලුව තියාගෙන ඇස් පියාගත්තා ම මං මගෙම කොණ්ඩෙ අතින් ඇදගෙන ලොකු හුස්මක් ගත්තා...
..
.
"අනූ අපි ආ- නින්ද ගිහින් නේ..."
මගේ අපාට්මන්ට් එක ළඟ ආකාශ් වාහනේ නතර කරද්දි මාත් එක්ක තරහා වෙලා නිදි වගේ ආව අනූට ඇත්තට ම නින්ද ගිහින් තිබුණා....අද මට රෑ ෆ්‍රී...ඒ නිසා මම අද අනූව මෙහෙ එක්කරගෙන ආවා....මාමා දන්නවා මම අනූ එක්ක තාම කතාබහ කරන බව... මං එයා කියන දේවල් කරන නිසා මාමා මොනවත් කියන්නෙ නෑ...මම ශෂිනිට වෙලාව දෙනව නම් මාමා මං අනූ එක්ක ඉන්න ඒවට මොකවත් කියන්නෙ නෑ...කතා හදා ගන්න එපා කියලා විතරයි කියන්නේ....
එයාට මම ශෂිනිව බඳින්න ඕන දේශපාලනේට... ඩැඩාට ශෂිනිගෙ ෆැමිලි එක ඕනෙ බිස්නස් නිසා...මමා ශෂිනිට කැමති හේතුව මං දන්නෑ..ඒත් ඒකත් මං ගැන හිතලා නම් නෙවෙයි කියලා මං දන්නවා...
![](https://img.wattpad.com/cover/349650564-288-k716819.jpg)
YOU ARE READING
සීමා...
Non-Fictionසීමා....කියන්නෙ ම තමන් තවමත් උත්සාහ නොකරපු අළුත් දේවල් විතරයි.... තවත් විදියකින් කියනවා නම් සීමා කියන්නෙම මිනිස්සු හිතින් මවාගත්ත හිතළුවක් විතරයි...