Chapter 79

383 56 6
                                    

Wang Yibo's Pov

" අරකි මගෙ දිහා සැරින් සැරේ බැලුවා ඕයි"

" මටත් වැඩේ මීටර්.උබත් බලන්න ගියාද ඉතින් මී හරකා වගේ"

" පිස්සුද හු$$$ මට නම් ආයේ ඕකිව එපා"

📤 මුන් එක්ක බෑ බබා

අරුන් දෙන්නා මොකක් හරි දෙයක් ගැන කතා කර කර ඉද්දි මම එයාට මැසේජ් එකක් දැම්මා.

📥 දොළහටත් ළඟයි අනේ 😩

එයාගෙන් රිප්ලයි ආවා.
එයා නිදාගන්න කියලා රූම් එකට ගිහින් දැන් පැයකටත් කිට්ටුයි.ඒත් එයා තවම නිදි නෑ.
මට එන්නලු.මටත් එයා ළඟට යන්න ඕනෙකම තියනවා ඒත් කොහෙද මේ මූසලයො දෙන්නා මට යන්න දෙන්නෙ නෑනේ.

📤 ඇයි මං නැතුව නින්ද යන්නෙ නෑද 🌚

එයා අකමැතිම ඉමෝජිය මම එයාට යැව්වා.

📥 Mmmmm
ඔයා නැතුව නිදාගන්න පුලුවන් හැබැයි බුදියගන්න බෑ 🌝

එයාගෙන් ආපු රිප්ලයි එකට මගෙ ඇස් උඩ ගියා වගේම භාගෙට කට ඇරුනා.මොකක්ද යකෝ ඒ හරුපෙ.

📥 මෝඩ Wang Yiboooooooo
දැන්වත් එනවාකො මට නිදිමතයි 😖😩

එයාගෙන් ඒ පරක්කුවට තවත් මැසේජ් එකක් ආවා. කලින් එවලා තිබුන එක ගැන මම ගැඹුරින් හිතන්න හැදුවාත් එයාගෙන් ආපු මේ මැසේජ් එකත් එක්ක මට තේරුනා එයා ඉන්නෙ නිදිමතෙයි කියන්න. පව් එයාට මම නැතුව නින්ද යන්නෙ නෑද කොහෙද.අනික එයාට මෙහෙ නුහුරුයිනෙ ඒ නිසා තනියම නිදිකරවන්නත් බෑ..

" නිදි මතයි ප& "

අත් දෙක විහිදුවලා බොරුවට ඈනුමක් යවපු මම අරුන් දෙන්නා දිහා බලලා එහෙම කිව්වා.

" බොරුව නොදා හිටපන් බන්.
ඇයි මොණරතැන්න කිව්වාද කාමරේට වඩින්න කියලා"

අතේ තිබ්බ පෝන් එක දිහා බලපු නියෝ මගෙන් එහෙම ඇහුවා.
Eww මුන්ගෙන් මොකුත් හංගන්න බෑ.
මම නිදිමතයි කිව්වෙ මට රූම් එකට යන්න ඕනෙ නිසයි කියලා මේ සාපකාරයා දන්නවා.

" එහෙම රෙද්දක් නෙවේ යකෝ නිදිමතයි ඇත්තටම.දැන් දොළහටත් ළඟයි ගෙදර ඔක්කොම නිදි.තොපි දෙන්නායි මායි විතරයි මිඳුලට වෙලා ඉන්නෙ"

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now