Chapter 93

507 67 7
                                    

Wang Yibo's Pov

" තමුන්ගෙ තීරණේ වෙනසක් නෑ
එහෙමද?"

මගෙ ඇස් දිහා එක එල්ලෙ බලන් හිටපු පපා මගෙන් එහෙම ඇහුවෙ ටේබල් එකට ඇඟිලි තුඩුවලින් තට්ටුවක් දාන ගමන්.

" ඔව්
කිසිම වෙනසක් නෑ මිස්ටර් වන්ග්.ඔයාට ඕනෙ වුන දේ මම කලා.තවත් මගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්න එපා"

මම ස්ථිර හඩින් එහෙම කියද්දි පපා මගෙ දිහා කන්න වගේ බලන් උන්නා.

" උබ මට තර්ජනය කරනවාද?"

" ඔව් එහෙම හිතන්න පුලුවන්"

මගෙ වචනත් එක්ක පපාගෙ ඇස් ගැස්සුනා.

" මම උබේ පපා Yibo"

chair එකේ වට භාගයක් කැරකුණ පපා මට පිටු පාලා එහෙම කිව්වා.

" දැන්ද මතක් වුනේ?"

"මොකක්ද?"

" මගෙ පපා කියලා"

"Yi....."

" ඔයා දැන් මොන බයිලා ගැහුවාත් මගෙ තීරණේ වෙනසක් නෑ පපා.ඒ වගේම ඔයාට මට බලපෑම් කරන්න අයිතියකුත් නෑ.මොකද මම කට ඇරියොත් ඔය කාගෙ කාගෙත් රෙදි ගැලවෙනවා.යට ගියපු දේවල් ආයේම උඩ ගන්න මම කැමති නෑ සහ ආදරයක් කරුණාවක් නොදුන්නාත් පොඩි කාලේ ඉදන් වෙන කිසිම අඩුවක් මට නොකරපු නිසා යුතුකමක් විදිහට මම ඔයාට උදව් කලා.එතනින් එහා නිය තුඩක දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා."

ඕනෙම මනුස්සයෙක්ට රහසක් තියනවා.
තමන් පන වගේ රකින්න උත්සහා කරන රහසක්.
මගෙ පපාටත් අන්න ඒවාගෙ රහසක් තිබ්බා.
මගෙ පපා විතරක් දන්න කිසිම කෙනෙක් දැනගන්න ඕනෙ නැති රස රහසක්.
මමා වගේම පපා මාව බෙල්ල මුලටම හිර කරලා තිබුන කාලේක ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්න මම දහ අතේ විසඳුම් හෙව්වා.කොතනින් කොහොමවත් මට විසඳුමක් නැති වෙද්දි මම පිස්සු බල්ලෙක් වගේ විසඳුම් හොයන්න එක එක දේවල් පස්සෙ ගියා.අන්න එහෙම යද්දි මට හරි අහම්බෙන් බලෙන් යට ගහලා තිබුන සිද්දියක් උඩ ගන්න පුලුවන් වුනා. කොටින්ම මගෙ පපා පන හා සමානව රැකපු රස රහසක් එළි කරගන්න පුලුවන්වුනා.ඒ රහස මොන තරම් ප්‍රබලද කිව්වොත් සිංහයෙක් වගේ හිටපු මගෙ පපාව එක මොහොතකින් බල්ලෙක් කරලා දාන්න මට පුලුවන් වුනා.ඒ සිද්දියට පින් සිද්ද වෙන්න නොහිතපු විදිහට මුලු පාලනේම මගෙ අතට ආවා.හරියටම කිව්වොත් මට පපාව බ්ලැක්මේල් කරන්න පුලුවන්කම තිබුනා.මේ දේවල් වලින් ලේසියෙන් මට ගැලවිලා යන්න පුලුවන්කම එවලෙ ඕනවටත් වඩා තිබුනාත් කරපු ප්‍රොජෙක්ට් එකක් නිසා WC එක ඒ වෙද්දි පාඩු ලබන ගමනුයි තිබුනෙ. Yue වයි මායි බන්දන්න අපේ ගෙදර මිනිස්සුන්ට වඩා උවමනාව තිබුනෙ Yue ගෙ පපා වෙච්ච Feng අංකල්ට වෙද්දි WC එක වැටිලා තිබුන තැනත් එක්ක එවලෙ පපාට Feng අංකල්ව තරහා කරගන්න බැරි වුනා.මේක වෙන්නෙ නෑයි කියලා Feng අංකල් එක්ක කතා කරන්න කියලා මම පපාට මොන තරම් බලපෑම් කලා වුනත් WC එක නිසා වගේම පපා එතුවක් කාලයක් රැකපු රහස මම දැනගත්තායි කියන කාරණාව පපාව සම්පූර්ණම මානසිකව වට්ටවලයි තිබුනෙ.කොටින්ම එවලෙ පපා උන්නෙ වැටුන බිස්නස් එකක් ගොඩ ගන්න පුලුවන් තත්වෙක නෙවෙයි.

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now