â˜ēChapter 03â˜ē

8 1 3
                                    

.
.
.
ඔව් ඒ කෑගහලා තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි...vicky..ඒත් එයා කිව්වෙ සනූ කියලා නේද..ඒ කියන්නෙ එයාට මතකයි...

"ඒ බං ඒ vicky නේද ..?එයා සනූ කියලා නේද කිව්වෙ.."මං කල්පනා කරන කොට කවී මගෙන් ඇහුවා..මං මුකුත් කිව්වෙ නෑ ...නෙවෙයි මගේ කටින් වචන පිට උනේ නෑ..

"ඒක තමයි බං මාත් බැලුවේ...සනූ මොකද බං බයවෙලා වගේ..??"

"ආ...මොකක්ද ම..මං බයවෙන්නෙ ඇ..ඇයි..?..පිස්සු කියවන්න එපා.."ජනූ මට එකක් ගහලා කතා කරන කොට තමයි මං හරි සිහියට ආවෙ..

"පේනවා ඒ බව...ඒ..ඒ..අන්න එයා මේ පැත්තට එනවා.."ඔව් ඒක ඇත්ත..එයා අපි ඉන්න පැත්තට එනවා..මං එයාව දන්නෑ වගේ ඉන්නවා..ඔව් මට බෑ රිද්දගන්න ආපහු..කලින් එයා මාව ignore කරද්දි මං msg කරපු එකෙන් උනේ මට රිදුන එක විතරයි...ඒක නිසා ආයි බැහැ...

"මං දැක්කා...ඔයාල මුකුත් ම කියන්න එපා...මං මේක බලාගන්නම්..."එහෙම කියන කොටම එයා ඇවිත් මගේ අතින් අල්ල ගත්තා...

"සනූ මේ..මේ..ඔයා නේද..insta වල මට msg කරපු සනූ නේද...කියන්න ඒ ඔයා නේද...ඔව් ඔයා තමයි ඒ...කොහෙද හිටියෙ...මං කොච්චර හෙව්වද ඔයාව.."

එයා ආපු ගමන් කියවගෙන කියවගෙන ගියා...මොනවද මෙයා මේ කියවන්නෙ..මාව හෙව්වා...ඒ කියන්නෙ එයාට මාව ඕනෙ වෙලා....නෑ සනූ නෑ..මොනවද මේ හිතන්නෙ...එයා ඔයාව රවට්ටන්න හදන්නෙ....ආපහු අහුවෙන්න එපා...

"Excuse me ...ඔයා මොනවා කරනවා කියලද හිතන්නේ...කරුණාකරල මාව අත අරින්න...අනික මං හිතන්නෙ ඔයාට මොකක්හරි වැරදීමක් වෙලා...ඔයා ඔය කියන කෙනා කවුද කියන්න මං දන්නෙ නෑ.."මං කොහොමද එහෙම කිව්වෙ කියලා මටවත් හිතාගන්න බෑ..ඒත් මේක අපි දෙන්නගෙම හොඳට...sorry vicky..

"ඔයා මොනවද සනූ මේ කියන්නෙ..ඔයාට මතක නැද්ද මාව..අනේ නෑ කියන්න එපා සනූ..plz "

"Sry මං ඔයා කියන කෙනා නෙවෙයි...කියන දේ තේරුම් ගන්න පොඩ්ඩක්..මං යනවා, අත් අරින්න මට යන්න.."මං එහෙම කියලා ඉක්මනට එතනින් ආවෙ මට තවත් එයාට එහෙම කතා කරන්න බැරි උනා වගේම මට එයත් එක්ක තරහක් ඇති උන නිසා..මං එතනින් එනකොට ම vicky ගෙ යාළුවො ටික එයාව වට කරගත්තා මං ලාවට වගේ දැක්කා..

Love beginning with Instagram💗Where stories live. Discover now