â˜ēChapter 05â˜ē

4 1 0
                                    

"එහෙම ද..?,දුව කිව්වද එහෙම.."

"දූ නම් කිව්වෙ නෑ. හැබැයි ඒ වගේ තමයි. අනේ මන්දා කෙල්ලට දුක් වෙන්න දේවල් නම් වෙන්න එපා..!"

"බය වෙන්න එපා මැණික,එහෙම වෙන්නෙ නෑ"

"ම්ම්..මාත් හිතනවා.දැන් ඉතින් එන්න මට උදව් කරන්න."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Next day morning 🌄
Sanu pov:

සනූ උදේ ම නැගිට්ටෙ අද uni යන්න ඕන නිසා. ඇත්තටම සනූට uni යන්න ඕන උනේ නෑ.ඒත් එයාට ගෙදර ඉන්නත් බෑ,මොකද එහෙම උනොත් එයාට අම්මලට හේතු කියන්න වෙනවා. එයා ගෙදරට දේවල් කියන්නෙ නැතුව නෙවෙයි,ඒත් එයා කැමති නෑ එයාගෙ ප්‍රශ්න නිසා අම්මල දුක් වෙනව දකින්න.ඉතින් එයා අකමැත්තෙන් උනත් ලේස්ති වෙලා uni එකට ගියා.

At university...

"ඒ බං අද සනූ එයි නේද..?මටනම් හිතෙන්නෙනෑ එයි කියලා.."ජනූ කිව්වෙ කල්පනා කරන ගමන්.

" මගුලක් කියන්න එපා බං.සනූ ඇයි එන්නැතුව ඉන්නෙ. අපි එයාට වැරැද්දක් කරේ නෑනෙ..අනික..,උඹ හිතනවද සනූගෙ අම්මා ඌව තියාගනී කියලා..?"කවී කිව්වෙ ජනූගෙ කතාවට විරැද්ධ වෙමින්.

"ඔව් ඉතින්,ඒත් බං මං කියන්..

"හා..හා..නවත්තගනිල්ලා උඹලගෙ කන්කරච්චලේ..අන්න සනූ එනවා.."සෙතූ කිව්වෙ සනූ එනවා දැකපු නිසා වගේම මුන් දෙන්නා දැන් රණ්ඩු වෙන්න ගත්තොත් මෙතන කනක් ඇහිලා ඉන්න බැරි නිසා.

"ආ..ඔව්මයි..ඒත් බං ඌ වෙනදා වගේ අපි ඉන්න තැනට එන්නෙ නැතුව යනවනෙ.ඌ හොඳටම දන්නවා අපි මෙතන ඉන්නවා කියලා."

"හරි..හරි..අපි කතා කරලා බලමු..ඒ..සනූ..අපි මෙතන.."ඒත් සනූ එයාල කතා කරපු එක ඇහුණේ නෑ වගේ දිගටම ගියා.

"දැක්කනෙ දැන් උට අපිත් එක්ක ඉන්න ඕනෙත් නෑ. යකෝ අපි එයාට මොන වැරැද්දක් කරාට ද..?"ජනූ කිව්වෙ තරහෙන් වගේ ම දුකෙන්. කවීටත් හිතාගන්න බෑ ඇයි සනූ මෙහෙම වෙන්නේ කියලා.

""හරි..හරි..බං,අපි දැන් hall එකට ගිහින් සනූ එක්ක කතා කරලා බලමු.සමහරවිට සනූට අපිව ඇහුනෙ නැද්ද දන්නෑනේ. "සෙතූ කිව්වා උනත් එයාටත් දුකක් තිබුණා සනූ මේ වගේ හැසිරෙන එක ගැන. සෙතූ..කවි,ජනූ වගේම සනූවත් අඳුනගෙන වැඩි කාලයක් ගත නොවුනත් මේ ටික කාලෙට එයාල ගොඩක් ළං උනා.
.
.
.
.
.
.
.
.
.
At lecture hall...

You've reached the end of published parts.

⏰ Last updated: Apr 12 ⏰

Add this story to your Library to get notified about new parts!

Love beginning with Instagram💗Where stories live. Discover now