ඔයාට ඔයා විතරයි

46 11 19
                                    

මේ ගත උන අවුරුදු දහනවයේ කාලේ ඇතුලත
මන් ඉගෙන ගත්ත දෙයක් තිබ්බා.
අපි කා එක්කවත් තරහෙන් ඉන්න ඕනේ නැහැ.
මොකද ඒකෙන් අපිට වැඩකුත් නැහැ ඒකෙන් ඇති ප්‍රයෝජනේකුත් නැහැ.
බැදීම් දවසක නැත්තට නැති වෙලා යයි
අපිට එයාලව එයාලට අපිව අමතක වෙලාම යයි.
අපි කරපු කියපු දේවල් වල ඉදන් එකතු කර ගත්ත ලස්සන අවලස්සන හැම මතකයක්ම
දවසක බොද වෙලා මැකිල යයි.
ලගින් හිටිය කීප දෙනෙක්ව කාලයක් යනකන්ම ඒ මතක එක්ක මතකේ තියන් ඉදී
හැබැයි ඒ හිඩස පුරවන්න මිනිස්සු එනකොට ඒ අඩුව නිකන්ම නැති වෙලා යයි.

සරලව කිව්වොත්,
උන්ට අපිව අමතක වෙයි.
අපිට උන්ව අමතක වෙයි.
අපේ ජීවිත වලින් එයාලත් එයාලගෙ ජීවිත වලින් අපිත් යන්නම යයි....!

ඒ නිසා මගේ ලමයෝ
ඔය බැදීම් අස්සේ හිර වෙලා ඉන්න කාලෙ,
නරකද පොඩි වෙලාවක් අරන් ඔයා ඔයාගේ අස්සේ හිරා උනා නම්...
ටිකක් ඔයා වෙනුවෙන් කාලේ වෙන් කලා නම්
මොකද අවසානෙට ඔයාට ඉතුරු වෙන්නේ ඔයාම විතරයි....!



_________________________

හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා.

Lines In My HeadWhere stories live. Discover now