Part 02

60 14 4
                                    

" ඒ බන් බඩගිනීනෙ.. කාලාම පටන් ගමුද??" මං උන් දෙන්නාගෙන් අහනගමං ඇතුළට යනකොටම එහාපැත්තෙ තිබුණු කොත්තුමී විකුණන හට් එක පැත්ත බැලුවා...

"මොන....."

තුහ් තුහ්.. මොන හත්තිලව්වක්ද මේ!! මේ අර කෝච්චියේ හිටපු එකා නේත??

ආච්චි අම්මේ!! ඇයි මූ මගේ දිහාම බලං ඉන්නෙ?? නොදන්න කොළොංතොටේ තනියම ඇවිත්...අප්පච්චි කිව්වාත් එක්ක අද නැතුව අප්පච්චි එක්ක හෙට එමු කියලා!! කොහෙද ඉතිම් මගේයි මුං දෙන්නාගෙයි අලි ඔලුවනේ.. බලං ඉන්න විදියට බයත් හිතෙනවා ජෙයියනේ.. මූ මොකද මේ...

බලං ඉන්න විදිය නම් මට අල්ලන්නෙ නෑ පුතෝ... මූ නිකං මං උගේ වස්තුවක් වගේ බලන් ඉන්නෙ. යකෝ..මට බෑ.. වටේම පොලිසියෙන් ඉන්න නිසා බය නෑ ඩිංගක්.. කිඩ්නැප් කරන්න බෑනෙ..

චූ බරකුත් ලෝඩ් වීගෙන එනවා වගේ අම්මේ!! මට බෑ මට බෑ.. මං වතුර බිව්වෙත් නෑ චූ බර හැදෙන නිසා... විජලනේ ආවත් කමක් නෑ පොත් බලන්න තීන වෙලාව නාස්ති වෙනවා වොශෲම් ගානෙ දුව දුව හිටියොත්.. ඒක නිසා වතුර බිව්වෙත් නෑ.. ඒත් මුගෙ බැල්මට චූ බර හැදෙන්නෙ ඇයි ආත්තම්මේ!!

චිහ් මගේ මේ ඕනවට වඩා හිතන ගොං මොලේ නම් වෙලාවකට මහ Caපයක්

" මගේ දිහා නෙවේ බලන් ඉන්නෙ. ඌ මගේ දිහා නෙවේ බලන් ඉන්නෙ..." මං මටම මුමුණන ගමං අනිත් පැත්ත හැරුනා.. බඩගින්නත් වාස්ප වෙලා ගියා මගේ..

"ඒ බඩගිනි නෑ!! යමං.. අපි යමං.." මං අරුන් දෙන්නාව ඇදගෙන එතනින් යන්න ලෑස්ති උනේ..

"අඩෝ ඔහොම ඉදහං.. ඉදපන් මිනිහො.... ඒ ජනුකයා.. අඩෝ මේ මෙහේ!!! මේ බලපන්" ශෙවිනුවා.. ඌ මගේ අත ගසලා දාලා මහ හයියෙන් කෑ ගහන ගමං කාටදෝ අත වනනවා...

ජනුක?? ඒ මොකාදේ?? මං ජනුක කියන්නෙ කවුද කියලා දැනගන්න ආයෙම අනිත් පැත්‍ත හැරුනා...

"ඒ ඒ ජනුක!! මෙහේ බලපන් යකෝ??" ශෙවිනුවා කෑ ගහලා ඉස්සරහට දිව්වා..

ඒ ඒ සක්කිලියා ඉදපන් ඕඉ.. තෝව මඟෑරුනොත් හොයන්න වෙනම ගේමක් දෙන්න වෙනවා...

අචින්තයා මාවත් තල්ලු කරගෙන අරූගෙ පස්සෙන් දිව්වෙ මූ කොහේ හරි මකබෑවුනොත් සක්වල පීරලත් හොයාගන්න බැරි තරං අමාරු නිසා... පණු ගාය මුට එහෙම්ම..

In The Book Fair (b×b)Where stories live. Discover now