Part 06

66 14 10
                                    

එයා මගේ කම්මුලක් එයාගෙ ලොකු අල්ලෙන් වහගත්තා...

"ආදරෙයි.." විනුජ කිව්වාම මාව දියවෙන්න ආවා අනේව්ව්....

මං ඒ ඇස් මඟෑරලා බිම බලාගත්තා..

"ම්ම්.. දැන් යමු අපි. ඔයාට තව ඇවිදින්න ඕනෙ නේද??"

විනුජ නැගිටලා මට අත දික්කරා... මං එයාගෙ අත අල්ල ගත්තාම විනුජ මාව ඇදලා නැගිට්ටවලා මගේ කොණ්ඩෙ අතින් හැදුවා..

අපි දෙන්නා අරුන් තුන් දෙනා ගාවට යද්දි එයා මගේ එහාපැත්තෙන් මට සමාන්තරවම ඇවිදගෙන ආවා.. සාක්කු දෙකට අත්දෙක දාගෙන බෑග් එක කරේ එල්ලං හිටපු එයාගෙ කොණ්ඩෙ හුළඟට ඇවිස්සෙන ගමං තිබුණෙ... එයා ලස්සනයි... කඩවසම්....

මං එයා දිහා ආයෙම බලලා ඉස්සරහ බලාගත්තා...

මං මොනාද කරන්න ඕනි කියලා ඇත්තටම මට තේරෙන්නෙ නෑ. අම්මා අප්පච්චි ගැන මතක් වෙද්දි ඇත්තටම මට දැනුනෙ බයක් එක්ක නොසන්සුන් කමක්.. මං විනුජට චාන්ස් එකක් දුන්නා තමයි. ඒක.. ඒක.. මට අම්මා අප්පච්චි ඉස්සරහට ගිහින් එයාලට මූණ දෙන්න බැරි බයක් හිතට දැනෙන ගමං තිබුනෙ. මං කවදාවත්- ඉස්කෝලෙ ගිහිපු අවුරුදු ගාණටම කා එක්කවත් රිලේශන්ශිප් එකක් පටන් ගෙන තිබුනේ නෑ.. මට බය හිතෙන එක සාධාරණයි නේද??

ඒත් අනිත් පැත්තට මට විනුජ ගැන හිතද්දි... අනේ මන්දා.. එයා කියපු දේවල් ඇත්ත කියලා තේරුනාත් මට ඒවා කියපු ගමං පිළිගන්නෙ නැතුව ඉන්න තිබුණා නේද?? මං කියන්නෙ.. එයාගෙ ඇස් අවංක උනත්... කියපු ගමං පැනලා පිළිගන්න තරම් හැඟිම්බර උනු එක හොඳයිද...

මට කෙනෙක්ගේ හැසිරීමෙන් ඒ කෙනා ගැන චූටි හරි අදහසක් ගන්න පුළුවන් කියලා මං හිතාගෙන ඉන්නෙ. ඉතින් මං එහෙම බලද්දි විනුජ කියන්නෙ නරක කෙනෙක් නෙවෙයි කියලා මං තේරුම් ගත්තා...

මං... ම්ම්හ්හ්.. දැන් මං තීරණේ කරලා ඉවරනෙ. අපි බලමු නිශාධ්‍ය.. අපි බලමු..

"අඩෝ නිශූ.... කෝ වරෙන් මෙහාට.." අපි දෙන්නා අනිත් තුන් දෙනා ගාවට ගියාම අචින්තයා මගේ කරෙන් අත දාලා උගේ ළඟට ඇදලා ගත්තා...

"යමං යමං.. මට කතා කරගන්න දෙයක් තියේ... ඒ දැන් කොහාටද??" අචින්තයා මගේ කරෙන් අතදාලා හිරකරගෙන ඉදිද්දිම අනිත් අයගෙන් ඇහුවා..

In The Book Fair (b×b)Where stories live. Discover now