Part 07

53 7 9
                                    

අචින්තයාගේ කඳුළු පාරවල් යන්න වතුරෙන් තෙත් කරපු ලේන්සුවෙන් උගේ මූණ පිහිදගන්න කියලා ලේන්සුව ඌට දුන්නා...

"ශෙවිනූ... මොකද බන් උනේ?"

අචින්තයා ශෙවිනුගෙන් ඇහුවෙ මූණ තෙමා ගන්න ගමං...

"ශෙවිනු... කියපන්"

"ශෙවිනු උඹට ඇහෙනවද යකෝ??"

"ඔව් බන් ඔව්... කෑ නොගහා ඉදපන්"

"මොකද උනේ කියපන්..." මං ශෙවිනුගේ අතින් ඇද්දා...

"පොඩ්ඩක් ඉදපන්... කියන්නම්"

ශෙවිනු එහෙම කියලා ආයෙම ඔලුව ගහගත්තා...

මං අචින්තයා දිහා බලද්දි ඌත් මගේ දිහා බලං ඉන්නවා...

මොන මඟුලක් වෙලාද මංදා... සිරාවටම අද දවස නම් මේලෝක වැඩක් නැති දවසක්.. හෝව් හෝව්..එහෙම කියන්නද බෑ.. අද තමා හොඳම දවස... මේ කෙහෙම්මල් එකක් වත් වැඩක් නෑ.. අද තමා මගේ වස්තුව මගේ අත් දෙක උඩට ආවෙ... අද තමා හොඳම දවස... සැප්තැම්බර් 28... හා හා මොනාද ඔහේලා ඔය හිතන්නේ... මගේ වස්තුව තමා මං ගත්ත පොත... වලෙක් වෙන්නෙපා හුහ්...

"අන්න අරුන් දෙන්නා එනවා..." අචින්තයා ඈත සෙනග අතරින් එන විනුජවයි ජනුකවයි පෙන්නුවා...

"අර මාන්දමාගේ මූණෙ බැල්ම නම් අල්ලන්නෙ නෑ බන්.. ආයෙ ගුටි කන්න වෙයිදෝ මන්දා.." මං මගේ ගාවට ලිස්සලා ආපු අචින්තයාගේ අත අස්සෙන් අත දාගෙන උගේ උරහිසෙන් ඔලුව තියා ගත්තා...

"මේහ්.... මං බඩ්ඩක් අහන්නම්??" මං අනිත් අතින් අචින්තයාගේ අත කොනිත්ත කොනිත්ත ඇහුවා..

"කොනිහන්න එපා මිනිහෝ..." අචින්තයා මගේ අත් දෙක ගසලා දාලා ආයෙ ශෙවිනු ගාවට ලිස්සලා යන්න හැදුවෙ.. මං ඌට යන්න නොදී අල්ල ගත්තා...

"අහන්නද කියපන්කෝ...."

"ඇයි උඹ වෙනදට පොල්ලෙන් ගහනවා වගේ අහනවානෙ.. ඔහොම අවසර ගන්නෙ නෑනෙ.."

"හරි හරි ඉතින් ඒ වෙනදාටනෙ. මේ අදනෙ.."

"උබ එන්න හදන්නෙ මොකාටද ආ...මට උඹව සතේකට ශුවර් නෑ.."

"ම්හුක්.. අහන්නද එපාද කියපන්කෝ.."

"අහපන් අහපන්..මං ඕක එපා කිව්වත් මං කුතුහලේටම මැරිලා යයි.."

You've reached the end of published parts.

⏰ Last updated: Feb 10 ⏰

Add this story to your Library to get notified about new parts!

In The Book Fair (b×b)Where stories live. Discover now