Part 05

69 11 5
                                    

"නිශාධ්‍ය.." මං මුකුත්ම නොකියා ගිහින් එයා ඉස්සරහින් හිටගත්තාම එයා කතා කලා.

මං හූම් වත් නොකියා වටපිට බලන්න ගත්තා.. ම්හුක් ලැජ්ජයි අනේ!! මොකද ඔහොම බලන්නෙ තෞසෙලා.. හිනා වෙන්නෙපා මේ අහිංසකයට...

"නිශාධ්‍ය..." විනුජ ආයෙම කතා කලා... අනේව් ඉතින්..

"බලහංකො බන්.." විනුජ බලන්න කිව්වා.. කොහේද??

මං බැලුවෙ ඇස් දෙක දිහා.. හරි ඇස් දිහා තමයි බලන්න කියල තීන්නෙ.. ආච්චියේ.. ඒවා දිලිසෙනවනේ!!!!

එයා මගේ අත අල්ලගත්තා.... මං එහෙම්ම වට පිට බැලුවා.. මෙතන කට්ටිය ගොඩයි.. අනික අපි හිටියෙ BMICH එක ඉස්සරහ තීන වතුර මල ගාව... අචින්තයයි ශෙවිනුයි ජනුකයි හිටියෙ අපිට ටිකක් එහායින්..මං ආයෙම එයා දිහා බැලුවා..

එයා බලං හිටියෙ එයා අල්ලගෙන ඉන්න මගේ අත දිහා..
මං අත ගලව ගන්න හැදුවෙ නෑ ඉතින්...

මෙයා... ඇයි.. නෑ ඉතින්... අපි කතා කලේ අදනේද?? අද පැය එකහමාරකට දෙකකට විතර කලින්?? කෝච්චියේදි එයා මං දිහා බලං හිටියට... අපි අඳුර ගත්තෙ ටිකකට කලින්නෙ.
විනුජ කියන්න යන්නෙ.. මගෙන් අහන්න යන්නෙ මොකක්ද කියලා මට තේරෙනෙවා. ඒකනෙ මගේ යාලුවෝ දෙන්නටත් තේරිලා තියෙන්නෙ.. ඒත් බන්, ඒක... අර දැක්ක ගමං ආදරේ හිතුනා සීන් එකක්ද?? මං ඇත්තටම එහෙම එව්වා විශ්වාස කරන්නෙ නෑනෙ. වට්පෑඩ් එකේ තීන එව්වා කියවන එක වෙනයි.. මේක වෙනයි නෙ ඉතිම්.. මේක මේ ඇත්ත!! මේ දැන් වෙන දෙයක්නෙ.

"ම්ම්..." මං මගේ දිහා බලපු එයාගෙන් ඇයි කියලා කටින් නොකියා ඇයි කියලා ඇහුවා...

"නිශාධ්‍ය... මං කියන්න යන්නෙ මොකක්ද කියලා ඔයාට දැනටම තේරිල තීන්නෙ කියල මං දන්නව... ඉතින්.. ඔයා මොකද කියන්නෙ??"

එයා මගෙන් ඇහුවාම මං ටිකක් වෙලා එහෙමම ඉදලා මගේ අත එයාගෙ අතින් ගලව ගත්තා...

එයා මගෙන් ඇහුවා මං මොකද කියන්නෙ කියලා.. එයා මගෙන් ඇහුවෙ ඒ ප්‍රශ්නෙ විතරක් උනාට මගේ ඔලුවෙ දැන් ප්‍රශ්න ගොඩක් කැරකෙන ගමං තිබ්බේ...

මං හිතන්නෙ එයා මගේ ඇස් කියවනවා...

"ඔයාට ප්‍රශ්න ගොඩයි.. මං දන්නවා. මට පැහැදිලි කරන්න වෙලාවක් දෙන්න පුළුවන්ද ඔයාට?"
මං කිව්වනෙ.. එයා මගේ ඇස් කියවලා තමයි. මං මුකුත්ම කියන්න කලින් එයා මගෙන් වෙලාව ඉල්ලුවා...

In The Book Fair (b×b)Where stories live. Discover now