44 කොටස

24K 1.7K 2K
                                    

රධ්‍ය අයියා පවූ~

හොඳ වැඩේ මමනම් කියන්නෙ.. ෂනෙරුවා ඉස්සරහා වැඩ්ඩෙක් වෙන්න ගිහින් අන්තිමට සරමක් ඇඳගෙන, මූණවත් හෝදන්නෙ නැතුව, පොල් බෑයක් උස්සන්, යට කලිසමක් ගැන අහ අහ ගේ මැද්දෙන් දුවන්න වෙයි කියලා නම් ඩයල් එක නිකමටවත් හිතන්නෙ නැතුවැති.. මම අහන්නෙ හරිනම් ෂනෙරු එද්දි අයියා හෙප්පුවක් අතේ තියන් නැශනල් ඇඳලා නෙමෙයිද ඉන්න ඕන.. අනේ දෙවියනේ එහෙම වුණානම් මම මේක වීඩියෝ කල්ලා මුන් දෙන්නගෙ මඟුල දවසට ප්ලේ කරනවා.. 

රධ්‍ය අයියලාගෙ ගෙදර ඉස්සරහා ගහලා තියන ෆැමලි ෆොටෝ එකට එහාපැත්තෙ රධ්‍ය අයියයි, ආධ්‍ය අයියයි බදාගෙන හිනාවේගෙන ඉන්න ෆොටෝ එක දිහා බලාගෙන මම කල්පනා කළේ උන් දෙන්නගෙ වෙඩිම ගැන.. හැබැයි රධ්‍ය අයියගෙ අප්පච්චියා දිහා බැලුවහම මට නිකමට තේරුණා මේ මගුල නම් ලේසියෙන් කරගන්න හම්බෙන එකක් නෑ කියලා..

" එතකොට අයියගෙ හවුස් එක මොකක්ද අනේ.."

" මම හිටියෙ ඇතීනා එකේ.. හැබැයි ඉතින් ලොකු වැඩක් කළේ නම් නෑ හවුස් එකට.."

ඔක්කොමත් හරි රධ්‍ය අයියට එයාගෙ ටිකිරිලියාව අයියට දීලා අත පිහාගන්න වෙයිද කියලත් හිතෙනවා.. ෂනෙරු ආපු වෙලේ ඉඳලා ආධ්‍ය අයිය එක්කමයි කියවන්නෙ.. ආධ්‍ය අයියත් සුරංගනා කුමාරයා වගේනෙ.. එයානම් ඇත්තටම පුදුම ලස්සනයි.. කණ්ණාඩිදාන සුරංගනා මස්සිනා අපේ ෂනෙරුවගෙ..

මමයි, ෂනෙරුයි, ආධ්‍ය අයියයි කියව කියව ඉන්න අතරෙ ගෙදරට කඩාපාත් වුණේ කියාන් අයියයි, සයෝන් අයියයි.. සයෝන් අයිය නම් ඉන්නෙ අල්ලපු පාරෙ.. මම උගේ ගෙදර දෙතුන් සැරයක්ම ඇවිත් තියනවා.. මේ ගෙදර ඒගොල්ලොන්ටනම් අලුත් තැනක් වගේ පෙනුණෙ නෑ.. ඔහේ ඇවිත් අතපය හතර අටපොලේ දමාගෙන සෝෆා එකට කඩාවැටුණා.. ඒ එක්කම අයුක අයියත් එක්ක පඩිපෙළේ බාගයක් බැහැගෙන ආවෙ රධ්‍ය අයියා.. අද දවසේ ප්‍රධාන චරිතය.. අයුක අයියවත් උස්සගෙන ආවෙ අර හරියට මනමාලිගෙ ගෙදර අය කතාකරනකල් සහෝදරී එක්ක හෙප්පුව අරගෙන දොරකොඩට වෙලා කුරුමානම් අල්ලනවා වගේ.. කියාන් අයියගෙ මූණෙ තිබ්බ හිනාව නම් මට වැඩිය ඇල්ලුවෙ නෑ..

" පොඩී අර මාළුව හැඳිගාලා එන්නකො.."

රධ්‍ය අයියා චාටර් නෑ හරිත..

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now