170 කොටස

5.6K 1K 1.8K
                                    

' ප්‍රසිද්ධ ක්‍රීඩක ෂනෙරු උද්‍යෝගගේ හදිසි අනතුර පිළිබඳව සැක සහිත පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට.. අනතුර සිදුවන ස්ථානයේ, හිටපු අග්‍රාමාත්‍ය සංහිත සිංහවංශගේ වැඩිමහල් පුතු, ව්‍යාපාරික අයුක සිංහවංශ සහ ඔහුගේ පෙම්වතාද සිටි බව මාධ්‍ය සඳහන් කර සිටිනවා.. මේ වන විට ක්‍රීඩක ෂනෙරු උද්‍යෝග ලොස් ඇන්ජලිස් නුවර රෝහලක විශේෂ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඉරිදි පරීක්ෂණ තවදුරටත් සිදුකරනගෙන යන බවත් පොලිස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.. ඔහුගේ හදිසි අනතුරට පැහැදිලි හේතුවක් තවම අනාවරණය වී නොමැත..'

" What the fuck-?"

මම ෆේස්බුක් ගොසිප් චැනල් එක පහළට පහළට ස්ක්‍රෝල් කරගෙන ගියා.. මගේ ෂනෙරු ලංකාවෙ නෑ.. ෂනෙරු දුරයි වගේ දැනෙනවා.. මට අඩුම තරමෙ සැනසීමෙ ඇස් පියාගන්නවත් බෑ ෂනෙරු බිල්ඩින් එකෙන් පල්ලෙහාට වැටිලා හිටපු විදිය, ඌව හොස්පිට්ල් එකට යන අතරමගදි හිමිහිට ඇස් ඇරලා ආයෙ වහගත්තු විදිය, බෙල්ල කඩාගෙන වැටුණ විදිය, කකුල පසාරු කරගෙන ගිහින් තිබුණු ලොකු තුවාල එක්ක ෂනෙරු වේදනාවෙන් කෙඳිරිගාපු විදිය සැරින් සැරේ මැවිලා පේන්න ගන්නවා.. මම දන්නෑ මේ දවස් දෙකේ මං කොහොම ජීවත් වුණාද කියන්න.. 

මෙච්චර කාලයක් පරිස්සමට හිටියනේ බං, උඹ මොකක්ද මේ අන්තිම මොහොතෙ කරගත්තු අපරාදෙ.. මට උඹ ගාවට එන්න පුළුවන් නම් එනවා.. ඒත් උඹ කතාකරන්නෙ නැතුව ඇස් පියාගෙන හිටියහම හරියනවද.. මෙහේ ඉන්න හැම එකාම ජීවත් වෙන්නෙ පිච්චි පිච්චි කියලා උඹ දන්නවද..?? එදා තව මිනිත්තුවක් ඉස්සර වුණානම් ෂනෙරුට මෙහෙම කරදරයක් වෙන්නෙ නෑ.. අර විරුල් කියන පාහරයා, සංහිතයා කාළකණ්ණි පර බල්ලො මැරිලා වලලාන්න ඕන.. ඕකුන් නිසා අපි හැමදාමත් මැරි මැරි ඉපදෙනවා.. මේවගෙ කිසි දවසක ඉවරයක් නෑ.. එකක් ඉවර වෙද්දි තව එකක්..

කේන්තියයි, තරහයි, අසරණකමයි, දුකයි නිසා මගේ ඇස් වලට නොකඩවා කඳුළු පිරුණා.. ෂනෙරු විතරයි මගේ මතකෙට එන එකම මනුස්සයා.. ඌට මොනවහරි වුණොත් ඉඳලා වැඩක් නෑ යකෝ..!! මගේ ඇඟෙන් කෑල්ලක් නෑ වගේ මට දැනෙන්නෙ.. පිච්චි පිච්චි ජීවත් වෙන්නෙ.. ඌව පරිස්සම් කරගන්න ඕන කියලා හැමතිස්සෙම හිතේ කොනක අරමුණක් තිබිලත් විනාඩි දෙක තුනක පමාවෙන් ඌට වෙච්ච දේ මට තවමත් හිතාගන්න බෑ.. මගේ අහිංසකයා, හැමදාම ඌට විතරයි කරදර.. ඌ එහෙම විඳවන්න ඕන එකෙක් නෙමෙයි.. ලස්සන හදවතක් තියන පාඩුවෙ ඉන්න කොල්ලෙක්.. මට දැනෙන ආවේගෙ මාව නොමරා මරනවා.. මේ දේවල් අමතක කල්ලා එක විනාඩියක්වත් ඇස් පියාගන්න බැරි තරම් පීඩනේකින් මං ඉන්නෙ.. 

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now