140 කොටස

17.8K 1.5K 2.5K
                                    

මේ සැරේ නම් මං මැරෙන්නයි යන්නෙ තාත්තෙ..!!

මම ඔලුවත් අල්ලගෙන ඇඳේ වටයක් පෙරලුණ පාර මොකෙක් හරි දෝත බදලා මාව තුරුල් කරගෙන ඇඟට උඩින් කකුලක් දාගත්තා.. සීතල වෙලාව නිසා එච්චර අවුලක් වගේ හිතුණෙත් නෑ.. මමත් හොඳට හරිබරි හැගිලා නිදාගන්න හැදුවා විතරයි මේක බෝඩිම ඔලුවෙ ටිලින් ගාලා බෙල් එක්ක වැදුණා.. මම එක ඇහැක් විතරක් ඇරලා කව්ද කියලා බැලින්නම් කටත් ඇරගෙන නිදාගෙන ඉන්නෙ-

" මල කරුමයක් ඕයි තමුසෙ.. පලයන් පලයන්..!! බදාගෙන නිදාගන්න නෙමේ මට උදේ ලෙක්චර්ස් යන්න තියනවා.."

මම ඌව එහාට තල්ලු කල්ලා දාලා හතරවටේ අල්ලගෙන ඇඳෙන් නැගිට්ට පාර ඇඳ රෙද්ද කකුල් දෙකේ පැටලිලා බිම ඇදගෙන වැටුණා.. අද නම් මහා අපල දවසක්.. එළියෙ වහිනවා හිටු කියලා.. මම බිම ඉඳගෙන ඇඳට ඔලුව හේත්තු කරගෙන කකුලෙ පැටලිච්ච ඇඳ රෙද්ද ඇඟ වටේ ඔතාගත්තා.. අද කැම්පස් යන්න බෑ වගේ.. ඒ වුණාට නොගියොත් නෝට් ඉල්ලගෙන ආයෙ වෙනම වෙලාවක් අරන් පාඩම් කරන්න වෙනවා.. මේ වැස්සෙ අපේ එවුන් කැම්පස් ඒවිද.. කියන්න බෑ හොස්ටල් වල සෙට් එක එනවා හෙණ ගැහුවත්.. බස් එකේ යන්නත් තියනවනෙ.. චමිරු කාර් එක ගෙනැල්ලත් නෑ.. උගේ ඩ්‍රයිවර් හවස් වෙන්න නුවර එනවා කියලා කිව්වෙ.. ධනුජ අයියගෙ වටිනාකම දැනෙන්නෙ මේ වෙලාවට තමා.. ඌ හිටියනම් පහළ ඉඳන් 'මල්ලි නැගිටපන්!! මල්ලි නැගිටපන්!! දහයහමාරයි වෙලාව!!' කියලා හතර හමාරෙ ඉඳන් බෙරිහන් දෙනවා..ඒ සද්දෙට තමයි මමයි කවීශ අයියයි ඇහැරිලා බිත්ති වල හැප්පි හැප්පි ගිහින් තේ බොන්නෙ.. ඉරිදට අපේ අම්මා උදේ පාන්දර ඉඳන් කෝල් ගන්නවා.. අම්මා නැත්නම් ගෝත ලේනා ගන්නවා.. අපෝ ඒ මනුස්සයා නම් නැගිටලා වොශෲම් එකට යනකල්ම 'සුදූ නැගිටින්න.. සුදූ නැගිටින්න.. සුදූ නැගිටින්න.. සුදූ නැගිටින්න.. සුදූ නැගිටලා මූණ හෝදගෙන එන්න, මේ මොන කම්මැලිකමක්ද..!!යැයි යැයි'.. හතරවටේ විලාප ගොඩයි..

" ආයෙ නම් බොන්නෑ.. සිරාවටම බොන්නෑ.."

මම ඇඳ අස්සෙ දෙදරන ෆෝන් එක ඇදලා අරගෙන කෝල් එක කාගෙන්ද නොබලා ආන්සර් කල්ලා කනේ තියාගත්තා.. මේක කොහොමද ඇඳ අස්සට ගියේ.. බිඳුනනම් එහෙම මලමඟුලයි.. මගේ ඔලුව තාම කැරකෙනවා වගේ.. චමිරුවා නින්දෙන් මොකක්හරි කියාගෙන කොට්ටයක් බදන් ආයෙම නිදාගන්න ගියා.. අපෝ මූ ගොරවනවා වහල උඩ යන්න.. 

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now