148 කොටස

16.9K 1.5K 1.5K
                                    

අපාර්ට්මන්ට් එකට ආවෙ හුඟ කාළෙකින් නිසා දැන් ඒක හෙනම පාළු පාටයි.. දුවිලි නම් වැදිලා කොහේවත්, ජනෙල් දොරවල් ඔක්කොම වහලනේ තියෙන්නෙ.. ඒත් මාර අඩුවක් වගේ දැනෙනවා.. විස්තර කරගන්න තේරෙන්නෙ නෑ.. මමත් මෙහේ ආවම හුඟක් වෙලා ඉන්නෙ නැතුව ආපහු යනවා.. අපාර්ට්මන්ට් එක ඇතුළෙ තියන කන් අගුළු වැටෙන නිහඬ පරිසරේ-ඒක කවදාවත් මෙහෙට ගැළපුන එකක් නෙමෙයි.. නෑ මං කියන්නෙ මෙහේ නිස්කලංකයි, නිදහස් තමයි.. ඒක හරියටම දැනෙන්න නම් අයුක අයියත් හිටියනම් වැඩිපුර හොඳයි.. එහෙම නැතුව මේකෙ තනියම ඉන්න ගියොත් පිස්සු හැදෙනවා..

අම්මා මාව හම්බෙන්න එනවා කිව්ව නිසා එන ගමන් පහළින් දවස් දෙකතුනකට හරියන්න බඩු ටිකකුත් උස්සගෙනමයි ආවෙ.. මම පේපර්ස් සයින් කරනකල් කොළඹ ඉන්න ඕන.. හෙට ස්ටුඩියෝ එකට යන්නත් තියනවා වැඩ වගයක් ඉවර කරගන්න.. ඔය ඔක්කොම ඉවරවෙනකල් ගෙදර ඉන්න බැරි නිසා නවතින්න හොඳම තැන තමයි අපාර්ට්මන්ට් එක.. මෙහේ ඉඳන් හැමතැනටම ළඟයි.. වැඩි කරදරේකුත් නෑ.. අඩුම තරමෙ සතුටු වෙන්න පුළුවන් ගෙදරින් තරහ වෙලා හරි මට එන්න තැනක් තියනවනෙ.. 

මං බෑග් එක පේන්ටින්ස් තිබ්බ රූම් එකෙන් තියලා බෙඩ් රූම් එකයි ලිවින් ඒරියා එකයි කිචන් එකයි අස් කරගත්තා.. ඒ සී එක දැම්මෙත් හුඟ කාලෙකින් නිසා ටිකක් රස්නෙයි.. ෆ්‍රිජ් එකත් ඕෆ්.. සෝෆා ඔක්කොම කවර් කල්ලා තිබ්බෙ.. ඒවා අස් කරගන්න ටිකක් වෙලා ගියා.. 

අම්මා එක අතකින් මාත් එක්ක කතාකරන්නම් කිව්ව එකෙන් මගේ හිතට හොඳක් දැනුණා.. අඩුම තරමෙ මට මං ගැන සාධාරන විදියෙ පාපොච්ඡාරණයක් හරි කරන්න ඉන්නෙ එයා විතරයිනෙ.. අම්මා මේ අපාර්ට්මන්ට් එක ගැන දන්නෙත් නෑ-මං කිව්වෙ මතකෙ නෑ.. දැනගත්තත් ඒකට මම ඕන ඕන සැරේට යන එන වග කොහොමත් දන්නෑ.. 

එක අතකින් මං කව්ද කියලා එයාලා දන්නෙ නෑ.. වෙලාවකට මං දන්නෙත් නෑ.. කාලෙත් එක්ක මම මහා රහස් ගොඩක් හංගගත්තු ගුප්ත මිනිහෙක් වෙලාද කියලා හිතෙනවා.. මම පොඩිම කාලෙ අම්මට නොකියන මඟුලක් නෑ.. ඉස්කෝලෙදි ජොනතන් මකනෙ කාපු එකේ ඉඳලා අම්මා එක්ක කියනවා.. ඊටපස්සෙ ලොකු වෙන්න වෙන්න හුඟක් දේවල් මගේ ඇතුළෙම හැංඟිලා තිබුණා.. මට ඒ දේවල් වෙන කෙනෙක් එක්ක කියන්න උවමනාවක් තිබුනෙත් නෑ.. එහෙම කිව්වයි කියලා හිතේ බරක් නිදහස් වෙලත් නෑ.. හොඳම දේ මගේ දේවල් මං විතරක් දැනගෙන ඉන්න එක.. එහෙම බලද්දි මේ ගුප්ත ජීවිතෙත් හොඳයි.. මම නිදහසේ ජීවත් වෙනවනෙ.. 

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now