168 කොටස

16K 1.3K 2.5K
                                    

" මේ අහපන් සෙනු-"

" මගෙ පොඩි යාලූ~ නෙළමුද ඕලූ~ කොහොමද මගේ මෝඩ යාළුවනේ..!!!!"

ෂනෙරුට කියන්න ගියපු එක හරියට ඉවර කරගන්න බැරිවුණා කොහේදෝ ඉඳන් එකසැරේ මතුවෙච්ච කොට ජීවියෙක් ඇඟට වඩා විසාල බාච්චු නිල් පාට කිට් ඇඳගෙන අපි ඉන්න පැත්තට දුවගෙන ඇවිත් මගෙයි ෂනෙරුගෙයි කරට පැන්න නිසා.. අපි දෙන්නගෙම කරවල් වලට අත් දමාගත්තම කොට ජීවියා ඉන්නෙ පොළව මට්ටමෙන් සෑහෙන උඩ.. හෙන ආතල් ඇති පාවෙලා යන එක..

" ඕලු නෙළන්නද යකෝ හොස්පිට්ල් ප්‍රයිවට් ප්‍රැක්ටිස් ආවෙ.."

" වෙන ඉතින් කරන්න වැඩක් නෑනෙ ඒයි.. අපි කැන්ටිමට ගිහින් නෙස්කැෆේ එකක් බීලා බිස්කට් කාලා එමු.."

අපි ළඟින් ගියපු නර්ස් කෙනෙක් ආශි දිහා මහා විලම්බීත විදියට බලලා කට ඇද කරගන්නවා මං දැක්කා.. ඒකි ඉතින් යන්නෙ පොළොවෙ නෙමෙයි උඩින් නෙ.. මහීශා ආශිගෙ පස්සට චටාස් ගාලා පොතෙන් පාරක් දීගෙන අපිව පහු කරන් ඉස්සරහින් ගියා.. දැන් ඒකිගෙ ගමන් විලාසෙ බොහෝ දුරට විකාරයක් වෙලා තියෙන්නෙ.. බාගයක් කැට් වෝක්.. බාගයක් කොලු වෝක්.. මේක සම්පූර්ණෙන් කැට් වෝක් එකකට පරිවර්තනය වෙන්න තව කොච්චර කාලයක් යයිද දන්නෑ.. පව් දෙයියනේ ධනුජ අයියා..

" ලබන සතියෙ සෙනුක බබාගෙ ග්‍රැජුවේශන් එකට අපි නුවර යනවා~"

" අඩෝ පේරාදෙණිය ලස්සනයි බං.."

" ආධ්‍ය අයියට පේන්න බෑ හැබැයි.."

ෂනෙරු බලු හිනාවක් දාගෙන ආශිව බිමින් තිව්වා.. ඊටපස්සෙ ඒකි ඉස්සරහට දුවගෙන ගිහින් මහීශගෙ අතේ එල්ලුනා.. අපිව අවශ්‍ය නෑනෙ ඔය ගෑල්ලමයි.. අපිට අපි ඉන්නවා.. මං කියන්නෙ මට සනෙරු ඉන්නවා.. ඒ හොඳටෝම ඇති..

" දේව් අංකල්ගෙ එක්ස් එහේනෙ.."

" ආධ්‍ය අයියා දැක්කොත් අපිට බනීවිද දන්නෑ.. දැන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එනවා කියලා අපි ඔක්කොම කැන්ටිමේනෙ ඉන්නෙ.."

" ඒකට කියන්නෙ අනේ බලය අවභාවිතා කරනවා කියලා.. ඔයාලා දෙන්නා මෝඩයො දෙන්නෙක් වගේ බලය අවභාවිතා කිරිම ගැන කතාකරන්න යන්න එපා මොකද ඔය දෙන්නම සෑහෙන්න බලය අවභාවිතාකල්ලා වැඩ කරගෙන තියනවා කියලා අපේ එක්කෙනා කියනවා මට දවසක් රෑ ඇහුණා.. සෙනුකයි සනෙරුයි ලයිසන් හදවගත්තෙත් එහෙම අනේ.. ඔයාට කියන්න මහී දවසක් මමත් බලය අවභාවිතා කල්ලා අපේ එක්කෙනාගෙ ඔෆිස් එකේ නරලෝ හොල්මනකට බැනලා අවා.."

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now