129 කොටස

10.8K 1.3K 579
                                    

මම හිටියෙ මේන්හෝල් එක අතුගාන ගමන්.. අන්න බලපන් මේ ඉස්කෝලෙ උප ප්‍රධාන ක්‍රීඩා නායකයා තමයි මේන්හෝල් එක අතුගාන්නත් ඕන.. ඒකට ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න ඉන්න ඉඳුශ පගයයි, ප්‍රධාන ක්‍රීඩා නායකයා වෙන්න ඉන්න ටලාලා පගයයි පැත්තක තිබ්බ කොස්සක් උඩ නැගගෙන හෝල් එක වටේ දුවනවා.. අපි මුන්ව ගෙදරට ගිහින් ඇහැරවගෙන එන්නෙ නැති ටික විතරයි.. සේරම කරලා අතට වඩම්මන්න ඕන.. දැන් තමයි තේරෙන්නෙ ඇයි අයුක අයියගෙ හැමතිස්සෙම පපුව රිදෙන්න ඇල්ලුවෙ කියලා.. ඇයි රධ්‍ය අයියගෙ හිසරදේ හොඳවුණේ නැත්තෙ කියලා.. මම මගේ වටේ වෙන එක සමයමක්වත් ගණන් නොගෙන මගේ පාඩුවෙ අතුගාගෙන ගියා.. 

" අඩෝ අපේ ෂනෙරු අයියා රට ගිහිල්ලා.. ඕ යේහ්..!!!"

ටලලා කොස්ස ගිටාර් එකක් වගේ තියාගෙන දණහිස් වලින් ලිස්සලා මගේ ඉස්සරහට ඇවිත් රොක්ස්ටාර් කෙනෙක් වගේ අමුතු ඇක්ට් එකක් දැම්මා.. ඊටපස්සෙ මගේ මූණ හොඳ නැති වග දැකලා පාඩුවෙ කොස්ස අරගෙන අතුගාන්න ගත්තා.. 

" සෙනුක අයියෙ.. ඇයි අවුලෙන් ඉන්නෙ.."

" අවුලක් නෑ බං.. ඩියුටි බලපන් ටලාලා .. මට පොඩි වැඩ වගයක් තියනවා ඉවරකරගන්න.."

ටලාලා අමුතු විදියට මං දිහා බලන් ඉඳලා මම පඩිපෙළ බැහැගෙන යන්න හදද්දි මගේ ශර්ට් එකේ කොනකින් අල්ලගත්තා..

" අයියා හොඳින් නේද.. ෂනෙරු අයියා නැති නිසා පාළුවෙන්ද ඉන්නෙ.."

" ම්ම්.. ඔය වැඩ ටික කල්ලා මේන්හෝල් එක වහන්න හොඳේ.."

" හරි හරි.. අවුලක්නම් කියපන් හොඳේ.."

මම ටලාලා එක්ක හිනාවෙලා කලබලෙන් පඩිපෙළ බැහගෙන ඇවිත් ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට දිව්වා.. අද මම හවස් වෙලා ආධ්‍ය අයියව බලන්න හොස්පිට්ල් යන්න හිතාගෙන හිටියෙ.. ෂනෙරු පෙරේදා සිංගපූර් ගියා උගේ ටුවර් එකට.. රධ්‍ය අයියා හදිසියෙම ඊයෙ හාෆ් ඩේ දාලා ඉස්කෝලෙන් ගියා.. ඒ මදිවට රුත්වි අතුරුදහන් වෙලා.. උගේ නුවරඑළියෙ බංගලාවෙ ෆෝන් එකක්වත් වැඩ කරන්නෙ නෑ.. එකසැරේම රුත්විට වෙච්ච දෙයක් අයුක අයියා දන්නෙත් නෑ.. මම ප්‍රිෆෙක්ට් රූම් එකට ඇවිදගෙන යන අතරෙ මූසල නිල් පාටක් තිබුණු අහස දිහා බලාගෙන ගියා.. අද වැස්සක් වහින්න වගේ හදන්නෙ.. මං දන්නෙ නෑ, මම වහිනවට ආසයි.. ඒත් මේ හැඟීම මහ මූසලයි.. ෂනෙරු රට ගිය එක හොඳ දෙයක් විදියට හිතට දැනෙන්නෙම නෑ.. ආධ්‍ය අයියට සිහිය නැතුව එයා හොස්පිට්ල් ඇඩ්මිට් කල්ලා.. ෂනෙරු යද්දි කියලා ගියේ ආධ්‍ය අයියා ගැන අප්ඩේට් එකේ හිටපන් කියලා.. ඒ වුණාට රධ්‍ය අයියගෙන් එකසැරේට කිසිම සද්දයක් නැතිවෙච්ච එක අමුතුයි වගේ.. ඌ හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා.. ඒත් ඒක හිත පිළිගන්නෙම නෑ..

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now