BF forever 02....

286 29 4
                                    

❤❤❤❤❤❤❤

Part 02.

Jk - ෂූඌඌඋහ්......කොල්ලගෙ පුදුම ලස්සනක්නේ තියෙන්නෙ.ඒ කාලේ හිටියේ අගුටු මිට්ටෙක් වගේ.ඉස්සරහා දත් දෙකකුත් ගැලවිලානේ තිබුනේ.සෑහෙන්න වෙනස් වෙලා.මං හිතුවෙනම් අහංකාර ඇති කියලා.ඒත් එහෙම එකක්නම් පෙනුණේ නෑ.

(තනිව කියවයි)

Namjoon - ආහ් පුතා ඔයා ආවද? එන්නකෝ පොඩ්ඩක්.මට ඔයා එක්ක කතා කරන්න ඕන.

Jk - ලොකු සර්ට වැඩට යන්න පරක්කු වෙන්නෙ නැද්ද?

Namjoon - නෑ තව වෙලාව තියෙනවා.මේ අහන්න පුතා. V කියන්නෙ මටයි jisooටයි ඉන්න එකම දරුවා.ඉතින්....එයා තමා අපේ මුළු ජීවිතේම.මාත් හරි ආසයි එයාට සැහැල්ලු ජීවිතයක් ගෙවන්න ඉඩ දෙන්න.ඒත්....ඒක කරන්න පුදුම අමාරුයි පුතා.ඔයා නොදන්නවා උනාට අපේ මේ ජීවිතේ " නිදහස " කියන එක හරි අඩුයි.අපි කාටවත් වැරැද්දක් කරන මිනිස්සු නෙවෙයි. ඒත් අපි ජීවිතේට නොදැක්ක මිනිස්සු පවා අපි එක්ක තරහින් ඉන්නෙ.ඒකට හේතූව තමා මගේ මේ ව්‍යාපාර.අනිත් බිස්නස්මන්ලට උවමනා වෙන්නෙ මට වැඩිය එක අඩියක් හරි ඉස්සරහින් ඉන්න.ඒ නිසා මරණ තර්ජන කියන එක අපේ පවුලට නුහුරු දෙයක් නෙවෙයි පුතා. V college ගියත් මං පුදුමාකාර බයකින් ඉන්නෙ.මට වැඩිය ලොකුම බලපෑම තියෙන්නෙ v ට.මොකද මේ හැමදේකම අනාගත උරුමක්කාරයා v නිසා එයාට මොනවා හරි දෙයක් උනොත් හරි ලේසියෙන් මාව වට්ටන්න පුලුවන් බව මිනිස්සු දන්නවා.ඔයාට පේනවා ඇති මේ ගෙදර එකම සර්වන්ට් කෙනෙක්වත් පේන්න නෑ කියලා.ඒකට හේතුවත් v ගේ ජීවිතේට අනතුරක් වෙයි කියන එක තමයි පුතා.මට ජීනුගෙන් එහා වෙන කිසිම පිට මනුස්සයෙක්ව විශ්වාස කරන්න පුලුවන්කමක් නෑ.ඉතින්....මෙච්චර කාලෙකට මගෙ පුතාව පරිස්සම් කලේ ඔයාගෙ අප්පා.අද ඉදන් ඒ වගකීම මං ඔයාට පවරනවා.මට ජීනු ඔයා ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා.අපි දැන් අප්පාට පොඩි නිදහසක් දෙමු.

Jk - ලොකු ස......ර්.... ඔ....ඔයාට ගොඩක් පිං.මටත් උවමනා උනේ මගේ අප්පට නිදහස හොයලා දෙන්න තමයි.මං පුංචි කාලේ ඉදන් මගෙ අප්පා සෑහෙන්න දුක් වින්දා.සමහර දවසට පැය දෙකකට වැඩිය නින්දක් නෑ එයාට.මං....මං පොරොන්දු වෙන්නම් ලොකු සර් චූටි සර්ව මං පණ වගේ පරිස්සම් කරනවා කියලා.ගොඩක් පිං ලොකු සර් මට මේ රස්සාව දුන්නට.පුලුවන්නම් අප්පට තේරුම් කරලා දෙන්න ලොකු සර්.ජොබ් එකකට යන්න කොච්චර උවමනාව තිබුණත් අප්පා මට ඒකට අවසරේ දුන්නෙ නෑ.ඒ නිසා මේ ලැබුණු චාන්ස් එක නැති කර ගන්න මට බෑ ලොකු සර්.

BF foreverWhere stories live. Discover now