BF FOREVER part 37....

136 24 9
                                    

Part 37....

Mingyu - ජිමිනි හියුන්ග් මාව appa ලගට එක්කන් යන්නකෝ.

( jimin jin සහ  jk අසලට ගමන් කරයි )

Mingyu - හියුන්ග්..... appa  i'm sorry..... මං felix හියුන්ග්ට කතා කරපු විදිය වැරදියි.  ඒත්.... ඔයාලමනේ කියන්නෙ බොරු කියන්න හොද නෑ කියලා. Felix  හියුන්ග් මෙච්චර සෙනගක් මැද්දෙ එච්චර ලොකු  බොරුවක් කීවාම මට කේන්ති ගියා. ආයේ මං එහෙම නෝටි වෙන්නෙ නෑ හොදද පොමිස්..

( jkගේ සහ jinගේ කර මතට දෑත් දමා ඔවුන්ව තුරුලු කර ගනිමින් )

Jk -හ්ම්ම්ම් මේ සැරේට විතරයි සමාව. දැන් අපිට බය වෙන්න දෙයක් නෑ නේද appa? අපිව බලා ගන්න අපේ මේ සූකිරි බඩිල්ලා ඉන්නවනේ.

Jin - අහලා නැද්ද " පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ " කියලා????හැබැයි mingyu  බබා ආයේ එහෙම වැඩිමල් අයට ඔහොම කතා කරන්නෙ නෑ හොදද.

Mingyu - OK appa... චූටි හියුන්ගි.... felix  හියුන්ග් බොරු කීවේ හොදද. එයාට පිස්සුනෙ.

( V කිසිත් නොපවසා මද සිනහවක් පමණක් පිරි නමයි )

JK - චූටි.... අපි මොනවා හරි කෑම ටිකක්  කමුද දැන්??

( V අසලට ගොස් )

V - වද වෙන්න එපා හියුන්ග්....

( jkව තල්ලු කරමින් )

Jk - චූටි???? මොකද මේ??

V - ය් යන්න ඔයා. Felixට තරහා ගිහින් ඇති. එයා ගැන බලන්න. ආයේ මං ගැන හොයන්න එපා.

Jimin - වස්තුව මොකද මේ?? දැක්කනේ felix කලේ බොරුවක් කියලා?? අනික felix  කියන්නෙ jkගේ boyfriend නම් ඇයි jk ඒක හංගන්නෙ?? බොරුවට තවත් හිත රිද්ද ගන්න එපා අනේ ඔයා.

V - න් නෑ ජිමින් මං හිත රිද්ද ගත්තෙ නෑ.

Jimin - හහ් ඕක කියා ගන්න වෙන එකෙක්ට. මට කියලා දෙන්න එන්න එපා ඔයා ගැන.

Jk - චූටි.... මේ වෙලාවේ අනවශ්‍ය දේවල් හිතට දාගෙන තවත් හිත් රිද්ද ගන්න එපා දරුවෝ.

V - කොහොමද ඒක අනවශ්‍ය දෙයක් වෙන්නෙ හියුන්ග්???? ඔයාට මාව පිට කෙනෙක් ද ඔයාගේ දේවල් මට අනවශ්‍යයි කියන්නෙ??

Jk - කවුද දැන් එහෙම කිව්වෙ?? ඇයි මේ හැමතැනකින්ම හිත් රිද්ද ගන්න හදන්නෙ? Felixගේ හිතේ මං ගැන කැමැත්තක් තියනවා කියලා මං දැන ගත්තෙත් ඊයේ. මං එයාට හොදින් තේරුම් කරලා කිව්වා එහෙම දෙයක් මගේ හිතේ නෑ කියලා. ඒක තේරුම් ගන්නෙ නැති එක එයාගේ වැරැද්දක්නේ චූටි. හොද ලමයා වගේ ඒ දේවල් අමතක කරලා කෝ එන්න දැන් මං ලගට.

BF foreverWhere stories live. Discover now