BF forever 03....

188 27 4
                                    

Part 03

Jk -චූටි සර්ට ඕක වදයක් නේද? දෙන්න මං කෝල් එක ආන්සර් කරන්නම්.

V - නෑ jk ඕන නෑ.මං නිසා ඔයා ප්‍රශ්න දා ගන්න එපා.ඔය මනුස්සයව care කරන්නැතුව හිටියාම කවදම හරි මාව එපා වෙයිනේ.

Jk - මොකක්ද කෙයාර් කිව්වෙ?

V - care jk. ඒ කියන්නෙ ගණන් ගන්නැතුව ඉන්න එකට.

(V ගේ ෆෝන් එක රින්ග් වෙයි)

Jk - මෙන්න මෙහෙට දෙන්න චූටි සර් ඔය ෆෝන් එක. මං කතා කරන්නම්. චූටි සර් බය වෙන්න එපා.

V - ඉන්න. message එකක් ආවා. අපි ඒක බලලා call answer කරනවද නැද්ද කියලා තීරණේ කරමු.

( eunwoo එවපු මැසේජ් එක කියවපු v තනියම හිනා වෙන්න පටන් ගත්තා)

Jk- ඇයි චූටි සර් තනියම හිනා වෙන්නෙ?

( eunwoo එවපු message එක v jkට පෙන්වයි)

" තමුසෙගේ මහලොකු බෝයිෆ්‍රෙන්ඩ්ව දැන් කොලේජ් එක ලගටත් ගෙන්වනවද ආහ්???? මොනවද බලාපොරොත්තු වෙන්නෙ?මං බය වෙන්න ඕනද ඌට?? බලාගෙන ඉන්නවා හොදින් නැත්නම් නරකින් හරි මට ඕන දේ මං අයිති කර ගන්නවා"

Jk - පොපෙසර් කෙනෙක් කිව්වට කිසි ගතියක් නෑනේ චූටි සර් එයා. ආයේ කෝල් එකක් ආවොත් මං ආන්සර් කරන්නම්. චූටි සර් ප්‍රශ්න දා ගන්න එපා කිව්වට වැඩක් තියේද? පොපෙසර් මාව ප්‍රශ්නයක් කරගෙන ඉවරනේ දැනටම. ඒ නිසා ආයේ කෝල් එකක් ආවොත් මං ආන්සර් කරන්නම්.

(කතාවෙන් කතාව දෙන්නා ගෙදරටත් ආවා)

V - කවුරු මොනවා කිව්වත් jk මං නිසා ප්‍රශ්න දා ගන්න එපා. මං කැමති නෑ ඒකට. පුලුවන්නම් උදව්වක් විදියට මේ ෆෝන් එක ලග තියා ගන්න. මට ඕක හිසරදයක් වෙලා තියෙන්නෙ. ඕෆ් කරන්න විදියක් නෑ appa,eomma calls ගන්න නිසා.ඒ දෙන්නගෙන් හරි ජිමිනාගෙන් හරි calls ආවොත් විතරක් මට ෆෝන් එක ගෙනත් දෙන්න.මං මෙහෙන්මම වොශ් දාලා නිදා ගන්නවා ටික වෙලාවක්.

Jk - චූටි සර් කන්නෙ නැද්ද?

(V ගේ ෆෝන් එක අතට ගනිමින්)

V - අද කන්න බෑ jk. Professorගෙන් හරි save නොකරපු numbers වලින් හරි calls,message ආවොත් ගණන් ගන්න එපා.appa,eomma,ජිමිනා තුන්දෙනා calls,message ගත්තොත් විතරක් මට ගෙනත් දෙන්න. jk කෑවේ නැත්නම් කාලා මගේ gaming room එකට ගිහින් game එකක් play කරන්න.නැත්නම් කම්මැලි හිතෙයි අපේ eommaයි,appaයි එනකන් ඉන්න ගියොත්.

BF foreverWhere stories live. Discover now