5

67 15 4
                                    

මන් හ්‍යුන්ග් එක්ක රන්ඩුත් උනා ස්කූල් යන්න බෑ කියලා ඒත් එයා මාව එව්වා හවසට එලියට යන්න පොරොන්දු කරගෙනම . මන් මොනවා කරන්නද මට යාලුවෝ නැත්තම්

පන්තියට ගියාම බෝගම් සහ එයාගේ යාලුවෝ මාව ගනන් ගත්තේ නෑ . කවදාවත් නැති විදිහට මාව පේලියෙනුත් අයින් කරලා . ඉතින් මන් පන්තියේ කොනක ගිහින් ඉදගත්තා

ගෲප් එකක් විදිහට වැඩක් කරන්න දුන්නමත් මන් තනි උනා .ටීචර් මාව බොගම් ගේ ටීම් එකට දැම්මට එයාලා කිව්වා සම්පූර්ණ වැඩේම මට කරන්න කියලා

ඒක කමක් නෑ කියමු ඒත් ඒ සේරමලා මාව ඉන්ටර්වල් එකේදිත් තනි කරා . කදුලු බින්දු දෙක්කුත් අඇස් වලට එද්දි මන් හිටපු තැනම ඉදන් කෑම පෙට්ටිය ගත්තා . ඒත් ඒකේ නෝට් එකක් තිබුනා

___________________________________________

පොඩ්ඩෝ තව එක පාඩමක් තියෙනවා  .  ඔයා කෙනෙක් ගාවට යද්දි ඒ කෙනාට ඔයාගෙන් වැඩක් තියෙනවා නම් විතරක් යන්න . ඒක අසාදාරනයි මොකද ඒක නිකන් එයාලා අපිව පාවිච්චියට තියන් ඉන්නවා වගේ නේ .

නමුත් අපිට පුලුවන් විදිහට එයාලට දෙන්න පුලුවන් උදව්ව දෙමු මොකද  ගොඩක් මිනිස්සු කෙනෙක්ට අකමැතී කියන එක වචනෙන් කියන්නේ නෑ නේ .

එයාලා ඒවා හිත අස්සේ හන්ගන් ඉන්නවා . ඉතින් අපිට නිකමට හරි දැනුනොත් එයාලා අපේ පැමිනීමට සතුටු නෑ කියලා එයාලගේ සීමාවන්ට ගරු කරලා අපි එතනින් අයින් වෙමු : )

___________________________________________

හ්‍යුන්ග් හරි එයාලට මාව වැඩක් නැත්තම් අඇයි මන් එයාලා ගාවට යන්නේ . මන් එතනින් අයින් වෙන්නම්

ඔහොම හිතාගෙන මන් මුලු කාලෙම පන්තියට වෙලා හිටියා .

මගේ පාඩුවේ

ඒත් අද එයාලා මගේ ඔලුවටත් එක්කම වතුර හැලුවා .මට අනාතයා කිව්වා . ඒ මදිවට බෝගම් මාව තල්ලු කරත් එක්ක  . ඒකත් මුලු පන්තියම ඉස්සරහා . මට පුදුම විදිහට ලැජ්ජයි . අනේ මන් මොකක්ද කරන්න ඕනේ

තොලෙන් ලේත් එන්වද කොහෙද . අඇත්තටම මන් අනාතයෙක් ද ? . මට ජින් හ්‍යුන්ග් ඉන්නවා නේ . අඇයි එතකොට එයාලා එක පාරට වෙනස් උනේ .

කොල්ලගේ හිතෙ ඔය ප්‍රශ්න දෝන්කාර දෙද්දි බෙල් එක ගහපු සැනින් එයා ස්කූල් එකෙන් එලියට දිව්වා .

නෑ එයා ගියෙ ජින් හ්‍යුන්ග් එයාට ඉන්න කියපු තැනට නෙවේ . එයාට දුකහිතුනම යන තැනට .
අපි බලමුකෝ

Jin pov

කඩේ කලින්ම වහලා මන් ලෑස්ති උනා පොඩ්ඩා එනකන් . ඒත් එයා පේන තෙක් මානෙක නෑ .

ඉතින් මන් එයා ඉන්න පුලුවන් තැන් කීපයකට ගියා . ඒත් එයා හිටියේ නෑ . ඒ අතරේ අහම්බෙන් මන් දැක්කා එයා පුන්චි පොකුනක් ලග ඉදගෙන කකුල් වතුරෙ දාන් ඉන්නවා . ආයෙමත් ප්‍රශ්නයක් වෙන්න අඇති

අනේ දෙයියනේ මේ මොකද වෙලා තියෙන්න්නෙ !

Hyung's LessonsWhere stories live. Discover now