8

58 15 0
                                    

මන් අදත් ස්කූල් එකට ගියා . ම්.. අඇත්තෙන්ම අර කතාව හරි . තමන්ගේ ක්‍රශ් එක නිසා ස්කූල් යන්න ආස හිතෙනවා කියන එක . හැව් හැව් දැන් මන් උගන්නන අස්සෙදිත් කෙල්ලොන්ගෙ පැට්ත බලන්න හුරු වෙලා . මේක නම් හරියන්නේ නෑ .අ ද දවසම ඉවර උනේ ඔහොම

ඒත් මන් ගේට් එක ගාවට යනකොට මට දකින්න හම්බ උනේ ජිමින් සහ සූබින් ව එයාලා මොනාද කරනේ?

" මේකයි හරිද සූබිනා . මන් කියන්නේ ඔයාට ගැලපෙන්නේ ඔය පාට සපත්තු නෙවේ . ඔය ස්ටයිල් එක ඔයාට හරියන්නෙත් නෑ ඒයි "

ජිමිනා කිව්වේ සූබින් ගේ කරට අත දාගෙන . කෝ එතකොට ටේහ්‍යුන්ග්
.

" ඔහ් කූක් . එන්නකෝ ! " මාව දැක්ක ගමන් එයා සූබින්ව අතහැරියා . එයාට තේරෙන්නේ නැද්ද එයා කිව්ව එකෙන් සූබින්ට දුක හිතුනා කියලා.

" හෙලෝ ජිමින්ශී . කෝ ටේහ්‍යුන්ග් "

" ම්.. එයා ගියා මොනා හරි අරන් එන්න . එන්නකො අපි යමු අරහෙට " එයා මාවත් එක්කගෙන ගියා . ඒ අතරෙදි ටේහුන්ග් ආවත් ගෙනාපුවා තුනකට මදි නිසා එයාව ආපහු හරවලා යැව්වා ජිමින්

මට වෙලාවකට අමුතුයි මේක . පෝසත් අයට අඇයි දුප්පත් අයට දුක හිතෙන සමහර දේවල් තේරුම් යන්නේ නැත්තේ ? මන් හිතන්නේ මට ජින් හ්‍යුන්ග් ඒකට කලින්ම උත්තරයක් දුන්නා . එයා කිව්වේ

'පොඩ්ඩෝ මින්ස්සුන්ට ප්‍රශ්න තේරුම් යන්නේ ඒ ඒ කෙනාගේ පරිනත මට්ටම අනුව. පරිනත බව වයසින්ම නෙවේ අඇති වෙන්නේ ඒ ඒ කෙනා මුහුන දෙන ප්‍රශ්න , අත්දැකීම් සහ ඒවගෙන් ඉගෙන ගන්න දේවල් එක්ක ඒක වර්දනය වෙනවා

සමහරු ඉන්නවනේ දෙයක් උනාගෙන් පස්සේ ඒක පැත්තකට කරලා ඉදිරියට යන අය . ඒ අස්සේ ඉන්නවා ඉක්මනට හැගීම් පෙන්නන අය . ඒ එයාලා බොලද නිසා නෙවේ . එයාලට ස්වබාවයෙන්ම මෘදු personality එකක් තියෙන නිසා එහෙම වෙන්නේ'

.ඉතින් ..ඔයාට දුක නොහිතෙන සමහර වචන තව කෙනෙක්ට දුක අරන් එන්න පුලුවන් . ඒක නිසා කියන දේ ගැන පරිස්සම් වෙන්න . මොකද වචන ආපහු ගන්න බෑ

" මොනාද කොල්ලෝ කල්පනා කරන්නේ . තව ටිකක් ඉදලම ගෙදර යමු " ජිමින් කිව්වා . ම්.. එයාට ඉක්මනට යන්න ඖලුවන් උනාට මායි ටේහ්‍යුන්ග් නුයි පයින් යන්න එපැයි.

Hyung's LessonsWhere stories live. Discover now