Chapter 4

600 99 35
                                    


අදත් ඉතින් ස්කෝලෙ ඇරුන ගමන් සුපුරුදු පරිදි මම දිව්වෙ හොස්පිට්ල් එකට..එතනට ගියාම තාත්ති කෙලින්ම කැබින් එකට එන්න කියල කෝල් එකක් දුන්න

කෝ ඔය ඉතින් දග නොකර එක විදිහකට ඉන්නවකො ආදි..තමුසෙ දැන් යන්න ඕනි නේද කෝ ඉක්මනට කනව මේක..

මන් යනකොටත් අප්පච්චි රයිස් එකක් උස්සන් තාත්ති බලන්න ඇවිත්..ශුවර් එකට අප්පච්චිත් තාම කලා නැතුව ඇති..ඒ දෙන්න එහෙම තමා එක්කෙනෙක් නොකෑවොත් එයා කනකම් අනික කන්නෙත් නෑ..අනික ඔය මූන රතු වෙලා තියෙන හැටියට අපිට නිගමනයකට එන්න පුලුවන් තාත්ති ඔය උදේ උදන් නොකා ඉදල කන්නෙ දැන් කියල ඒක තමා අප්පච්චිට ඩෝන් ගිහින් තීන්නෙ..

"අප්පච්චි මටත් ඔහොම්ම කවන්නකො..
ම්හුක් අතින් කන්න කම්මැලී වගේනෙ අප්පච්චියෙ "

"අනේ සුදූ තාත්තිට කවනකන් පොඩ්ඩක් ඉන්නකො හොදද..බඩගිනීනම් ඔය මගෙ බෑග් එකේ තව රයිස් දෙකකුයි මිල්ක් ශේක් එකකුයි ඇති ඒකෙන් කෑමෙකයි මිල්ක්ශේක් එකයි අරන් කන්න..දැන් මේකට ඔපරේශන් එකක් තියෙනව නැත්තම් ඕකට නොකා බඩගින්නෙම දුවනව සුදූ..දන්නවනෙ ඔයාගෙ තාත්තිගෙ හැටි.. නැත්තම් මම නිවීහැනහිල්ලෙ දෙන්නටම කවනව..කෝ බබා ඕක කටේ තියන් ඉන්නැතුව හපපිය "

ඉතින් ඔය තමා මගේ අප්පච්චි..මොන වැඩේ තිබ්බත් එයාට හැමවෙලේම අංක එක වුනේ එයාගෙ පව්ල..

" අප්පච්චි තාත්තිට මිල්ක්ශේක් එකක් ගෙනාවෙ නැද්ද ඔයා"

" තාත්තිට ඕන්නෑ එයා කන්න කලින් හොද මිල්ක්ශේක් එකක් බීල ඉන්නෙ"

අප්පච්චි  කියුවෙ හෙන කුප්ප හිනාවක් දාන ගමන්

" ඇයි ඒ කන්න කලින් බියුවෙ එතකොට බත් ගොඩක් කන්න බෑනෙ බඩ පිරිලනෙ තාත්ති.."

ඉතින් ඇත්තනෙ තාත්තිමයි මට හැමදාම බනින්නෙ කන්න කලින් බීම ජාති බොන්නෙපා කියල..සමහර විට ඔපරේශන් එකට යන නිසා ඇගට ශක්තිය එන මොනා හරි බීමෙකක්ද දන්නෑ එහෙම එකක්නම් මටත් ඕනි අප්ප..පස්සෙ වෙලාවක තාත්තිගෙන් නම අහගන්න ඕනි

" පුතා එහෙනම් මන් යනව අප්පච්චි එක්ක කැබින් එකේම ඉන්න හොදද දෙන්නම පාරට යන්නෑ ඕකේ..මම පැය දෙකෙන් නැත්තම් පැය දෙකහමාරෙන් එනව තේරුනානෙ දෙන්නටම අනික ඔය බත් දෙකෙන් ඇටයක්වත් ඉතුරු වෙන්නත් බෑ හලන්නත් නෑ හරිද!

සන්තාන සුසුම්...♡Where stories live. Discover now