අහකට පලයන් අයියෙ ගෑවෙන්නෙපා මගෙ ඇගේවත්..අන්තිමට මරාගෙන ඇතිවුනු අපි දෙන්න කාර් එකේ දෙපැත්තට වෙලා බුම්මන් ආව..කතා කරල යන්නෙ කොහෙද කියල අහන්න ඕනි උනත් මේ යස්සයට සෙකන්ඩ් වෙන්න බැරි නිසා කටත් වහන් ඉදිය..නිකන් හරි මල පැනල මගින් බස්සල ගියොත් මේ දරුව මොනා කියල කරන්නද..ඒත් මූ මාව කොහේ එක්කන් යනවද මන්ද..කොහෙට හරි ගිහින් මරල දායිවද්ද..කරවල වාඩියකටවත් විකුනයිද මන්ද..අනේහ් මගෙ දෙමව්පියන්ට මම විතරනෙ ඉන්නෙ ම්හුක්..
අන්තිමට කාර් එක ගෙනත් නැවැත්තුවෙ පොඩි කැෆේ එකක් ඉස්සරහ..ඒක හරි හුරුබුහුටි චූට්ටන් කැෆේ එකක්..
"බැහපන් ඉතින් මාව කන්න බලන් ඉන්නෙ"
අනේ මගෙ වැඩේමනෙ මූව කන්න බලන් ඉන්න..හිතන් ඉන්නෙ බටස ටේහියුන්ග් කියලද දන්නෑ..අම්නේ අම්නේ හිම්චි ටේහියුන්ග්..අනේ නිකන් පලයන් අයියෙ යන්න!!
" ඇතුලට ගියාම සංවරව හැසිරියන් මගේ නම්බුව කන්නැතුව තේරුනානෙ.."
" කන්න දෙයක් ඉතුරුවෙලා තියෙනවද ඉතින්.."
" නෑ හැබැයි..උබ හම්බුනු දවස් දෙක තුනට ඒකත් වාශ්ප වෙලා ගියා..මෙන්න මෙහෙ වරෙන් යන්න.."
අන්තිමට මේක මාවත් ඇදගෙන ඇතුලට ගිහින් කොනේම තිබ්බ ටේබල් එකකින් වාඩි උනා..අපි කන්නයි යන්නේ...එලියෙන් පොඩියට පෙනුනට ඇතුලෙන් මහ විසාලයිනෙ මේක
"සර්..සර්ල මොනාද ඕඩර් කරන්න කැමති"
" මට හොට් චොකලට් දෙකක් එක්ක චොකෝ ඩෝනට් දෙකක් ගේන්න..අනික අන්න අරයව අපිට සර්ව් කරන්න එවන්න "
"ඕකේ සර්.."
අපි දෙන්නටම චොකලට් වලින්ම කෑම ඕඩර් කරපු ප්‍රාණව් අයිය වෙන ටේබල් එකකට සර්ව් කර කර ඉන්න කෙනෙක්ට ඇගිලල දික් කරල ආයෙ සර්ව් කරන්න එයාව එවන්න කියුව..පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්නෙ..හෝව් හෝව් එයාව දැකල පුරුදුයි වගේනෙ..කවුද මල්ලි නේ
"ටවුකන්ඩ එයෝන් අයිය!!!"
දැකල පුරුදු එකා එයෝන් අයිය කියල දැක්කම ඉබේම මට කෑ ගැහුන..කව්‍ද යකෝ දන්නෙ වටේ ගිය එකා ආයෙ අපි ලගටම එයි කියල..එයෝන් අයිය තනි සුදු පාටින් ඇදල කලු පාට බෝ එකක් ගැටගහන් ඉදිය..කොටින්ම කියුවොත් එයාගෙ නපුරු පෙනුම මැකිල ගිහින් ඒ ඇදුමට හරි හුරතල් විදිහට පෙනුන..සමහර විට ඒකව බලන්න ආපු අයද මන්ද කැෆේ එක ඇතුලෙ හිටියෙම තරුණ අයමයි..
YOU ARE READING
සන්තාන සුසුම්...♡
Non-Fictionමේක අසම්මතයක් නෙවෙයි අසම්මතයත් අබිබවා ගිය ප්‍රේමණීය වෘත්තාන්තයක්♡