<13>

31 4 0
                                    

A few moment later🥲.....


💫 මම හිතුවේ හොරෙක් කියලා...අනික අයියා....

💙 තමුසෙට බලලා ගහන්න තිබ්බනේ

👩 කට වහගන්නවා දෙන්නම....ජානා ආය රෑට හොල්මන් කතා බලන්න තහනම්

අයියා මට දිව දික් කරා....අම්මා මෙතන හිටියේ නැත්තම් දත් දෙකක් බඩට අරිනවා මම.....හුහ් හිපාටු හිවල් ඌරා

👩 ලොකූ ඊලගට ඔයා....අපි උදේ ඉදන් එයාපෝට් එකේ රස්තයාදු වෙනවා....එහෙන් වැස්ස.... ආය ඔය වගේ ගොං වැඩ කරලා තිබ්බොත් නේ....දෙන්නම කාලා නිදාගන්නවා

මට සැර දැම්මට අම්මා ඉස්සරහ අයියා නිකම් බබා වගේ....වයස අවුලක් නෑ....අම්මා බයිනවා අපි බැනුම් අහනවා






Next day.....

අද තමා ශැටී මිස් උගන්නන්න එන පලවෙනි දවස....වෙනදට මම ආසම පීරියඩ් එක චිත්‍ර දැන් ඒකත් එපා වෙයි වගේ....අනික තාම ඉගන ගන්න කෙනෙක් උනත් ශේන් අයියා කියා දෙන ඒවා හොදට තේරෙනවා

💛 මේ උබ අද වැරදිලාවත් ස්ටාෆ් රූම් එක පැත්තේ යන්න එපා

මිස් ශැටී එනකල් ආට් රූම් එකේ ඉදගෙන ඉද්දි කායි එයාගේ පුටුව මා ගාවට ඇදගෙන කිව්වා....ස්ටාෆ් රූම් එකට යන්න එපා කියන්නෙ ඇයි????
අර ඇන්ග්‍රි බර්ඩ් මම කරපු හිරිහැර ගැන පිනාවටවත් කියලද

💛 ස්ටාෆ් රූම් එකේ කුරුල්ලෙක් ඉන්නවා....මම හිතන්නේ ගනන් සර්ගේ කුරුලු පැටියා

මල කෙලියයි.....මේ මනුස්සයා මගෙන් ආරක්ශා වෙන්න කුරුලු පැටියෙක් ගෙනාවද දන්නෑ....ඔය සමහර මිනිස්සු යක්කුන්ගෙන් බෙරෙන්න සුර එහෙම දාන්නේ
මේ ලෝකෙ මම බය එකම දේ කුරුල්ලොනෙ ඉතින්

💫 බය වෙන්න එපා.....මට ස්ටාෆ් රූම් එකට යන්න තරම් දෙයක් වෙන එකක් නෑ....අනික එහෙම උනොත් මම ඉස්කෝලේ පූසාව අරන් ස්ටාෆ් රූම් එකට යනවා

( මේ අවස්තාවේදී ජානා එක්ක පොලොං වෛරයක් තිබ්බ ටිශා මේ සීන් එක ශැටීගේ කනේ තියනවා)

👠  හායි ලමයි....
අයිම් ශෙටී
ඇන්ඩ් ට්වෙන්ටි එයිට් යර්ස් ඕල්ඩ්
සෝ මගේ පෙනුමෙන් ඒ තරම් වයසක් කියන්න බෑ නේද
මම ආට් වලට උපාදියකුත් අරන් තියනවා .... ටීචින්ග් හරී බෝරින්ග්...බට් මම කැමතියි මම දන්න දේවල් ස්ටුඩන්ට්ස්ලා එක්ක ශෙයා කරගන්න

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now