<18>

30 4 0
                                    

🧚🏼‍♀️ සර් ජානා එක්ක විනාඩි හතලිස් පහක් මොකද කරේ

ඊලග ගනන් පීරියඩ් එකේදි සර් ක්ලාස් එකට එනවත් එක්කම ආයුබෝවන් කියනවා වෙනුවට ටිශා ඩෝං ගාලා සර්ට ප්‍රශ්නෙකින් දමලා ගැහුවා

කන්නාඩිය නහයෙන් උඩට තල්ලු කරලා පොත් ටික මේසෙන් තියපු සර් මා දිහායි ටිශා දිහායි බලලා ආයෙත් පොත බලා ගත්තා

🔥 ඔයා ශිශ්‍යෙන් ටිශා.... ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කරන්න ඔයාට අයිතියක් නැහැ

🧚🏼‍♀️ ඒත් ශෙටී... 

🔥 ඒ ඔයාගේ අක්කනේ.... ඒත් ඉස්කෝලේ ඉද්දි එයා ගුරුවරියක් ඔයා එයාට ගෙදරදි වගේ කතා කරන එක මම අනුමත කරන්නෑ

🧚🏼‍♀️ ඒත් සර්....

🔥 ලමයි පොත් පෙරලගන්න






.................................................................................



අද සර් පරක්කු ඇයී.....
අදට අපි හොර ක්ලාස් පටන් අරන් මාස දෙකක් සර් එනකල් මේ පරන ගෙදරට වෙලා මම ඉන්නවා
අද ගනන් පේපර් වල ලකුනු දෙනවා කියලා ෆේත් කිව්වා.... බැරිවෙලාවත් සර් නැත්තේ මේ පාරත් මගේ ලකුනු අඩුද ඒ නිසා මට උගන්නලා වැඩක් නෑ කියලා සර් හිතනවද දන්නෑ
ඒ කියන්නේ අද එයා එන එකක් නෑ මම ගියොත්....
නෑ නෑ එයා එයි එයා මට විබාගෙ ලියන්න කලින් කිව්වා ගනන් වල ඒ එකක් තිබ්බොත් මට තෑග්ගක් දෙනවා කියලා
මම මේ පාරත් ඩබ්ලිව් නම් එයා මෙහෙම පන්ති කරන එක නවත්තයි නේ

මේ මාස දෙකේ හිතාගන්න බැරි තරම් සර් මට ලන් උනා එයා නිතර නිතර අපේ ගෙදර ඇවිල්ලා අම්මල එක්ක කතා කරා මම නම් ඒ වෙලාවට කාමරෙන් එලියට ආවෙ නෑ සිල්වෙස්ටර්ට සාලෙට යන්න දුන්නෙත් නෑ

ඇන්ග්‍රි බර්ඩ්  කෙනෙක් උනත් එයා හරි ශෝක් සමහර දාට මට උගන්නද්දි එයාට නින්ද යනවා
නින්ද ගියාම එයාගේ මූනට ජනේල් අස්සෙන් එන ඉර එලිය වැටුනම හරිම ලස්සනයි
අනිත් දේ එයාව මට හුගක් පුරුදුයි වගේ දැනෙනවා

සර් ගැන හිත හිත ඉද්දි පරන ගෙයි දොර ජර බරස් ගාලා ඇරුනා.... මූනත් අවුල් කරන් ආපු ඩිලන් සර් බුම්මගෙන මගේ ඉස්සරහ පුටුවෙන් වාඩි උනා එයා අතේ තිබ්බේ පේපර් මිටිය

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now