<21>

37 3 0
                                    

🔥 ජානා අද මට ක්ලාස් එක කරන්න වෙන්නෑ වසන්ත උත්සවේ සම්බන්ද පොඩි වැඩක් වැටිලා

උදේ ඉදන් ඔරලෝසුවේ තප්පර කට්ට දිහා බලාගෙන ඉදලා මට ඇන්ග්‍රි බර්ඩ් සුපිරි උත්තරයක් දුන්නා නයිස්ස්ස්ස්

💫 අද දවසෙම නැද්ද

🔥 නෑ....  පොඩි වැඩ වගේකට මට ඉස්කෝලෙන් එලියට යන්න වෙනවා

💫 ඔයා යන්නේ......

👠 මිස්ටර් ඩිලන්.... ආ යූ රෙඩි

ඔය එන්නේ පද්ද පද්ද මම අහන්න ගියේ තනියමද් යන්නේ කියල අහන්න කලින් එහෙටයි මෙහෙටයි වන වන උත්තරේ ආවේ හුහ් ඉන්නෙ නම් කොහොමද තාපසයා වගේ ඒ උනාට අක්කලාට ලයින් දාන්නේ අක්කෙක්ට ලයින් දැම්මත් කමන්නෑ හරි හමන් අක්කෙක්ට නම්

🔥 ජානා මොකක්ද අහන්න ගියේ ..

ඇන්ග්‍රි බර්ඩ් කියනවා ඇහෙද්දි මම එයාලව පහු කරන් ටික දුරක් ගිහින් මම මොකටද එයාලගේ ලව් එකට බාල්දි...... ඒයි කවද්ද මම ඒ තරම් හොදට හැසිරෙන්න ගත්තේ මම කවදාවත් ඒ දෙන්නට ඔය සම්බන්දේ පවත්වගෙන යන්න ඉඩ දෙන්නෑ.... ඒ වගේම ඩිලන් ඔයාට ආය මගෙන් කිසි අනුකම්පාවක් නෑ








2 day later.....

අර ඌරූ සර් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් තුනේම මට පන්ති කරේ නෑ දකින හැම වෙලේම අර තොරොම්බල් කරත්තේ එක්ක කැකිරි පලනවා හුහ් මම සිල්වෙස්ටර් උනා නම් ඔහේව පන පිටින් ගිලිනවා මෝඩ ඇන්ග්‍රි බර්ඩ්

කාමරේට වෙලා සිල්වෙස්ටර්ව අත ගගා ඩිලන් සර්ට බැන බැන ඉද්දි එකපාර සාලෙන් ඇහුනේ ඩිලන් සර්ගේ සද්දේ.... මේ මනුස්සයා ලගදි මැරෙන්නෑ
දොරේ කන අලෝගෙන මම එයාගෙයි අම්මාගෙයි සන්වාදේ අහන් හිටියා

👩 පුතා මොකද අසනීප පාටින්

ඔව් ඔව් පුතාට අසනීප ඇති අද සෙනසුරාදා නිසා එයාගේ ප්‍රියම්බිකාව හම්බෙන්න විදිහක් නෑනේ

🔥 අනෙ මන්දා නැන්දේ බදාදා ඉදන් නහය දැවිල්ලයි බේත් ගත්තට අඩු වෙන්නෙත් නෑ

👩 නහයත් රතු වෙලා..

🔥 ඒක ලොකු අවුලක් නැ...

👩 කොහොමද පුතාගේ ඉස්කෝලේ වැඩ එහෙම

🔥 ලොකු අවුලක් නෑ...... ඊලග අවුරුද්දෙ ඉදන් මම කැම්පස් එකේ උගන්නන්න යනවා

👩  ලෙක්චර් කෙනෙක් විදිහට නේද.....

🔥 ඔව් ආන්ටි

👩 මේ පුතේ අපේ කෙල්ල ඉස්කෝලෙන් මොකෙක් හරි හොයාගෙන එහෙම නෑ නේද

හහ් අම්මා මාර මනුස්සයෙක්ගෙන් මන් ගැන අහන්නේ ඉස්කෝලේ වැඩිමල් ටීචර් කෙනෙක් සෙට් කරන් ඉන්න ප්‍රානියෙක්ගෙන් මන් ගැන අහන්න අම්මට පිස්සුද මන්දා හරි ඉතින් අම්මා
දන්නෑනේ එව්වා

🔥 දන්න තරමින් නම් නෑ ආන්ටි ඇයි

👩 මේ ලගක ඉදන් දෝනි තනියම හිනා වෙනවා කතා කරනවා බනිනවා
අපි කතා කරත් ඇහෙන්නෑ.... මේ ලෝකේ නෙමේ ඉන්නේ

🔥 ස්ට්‍රෙස් එක වෙන්න ඇති

දෝනී...  ය්කූව් සත්තු වත්තෙම නම් වලින් මට කතා කරන අම්මා දෝනිලු අපරාදේ ඕක රෙකෝඩ් කරලා තියාගන්න තිබ්බේ මට
ස්ට්‍රෙස් මට තියන ලොකුම ස්ට්‍රෙස් එක තමා තමුසේ ඔය අම්මා කිව්ව රෝග ලක්ශන ඔක්කෝටම මුල අම්මා ඉස්සරහ හුරතල් වෙවී ඉන්න ඇන්ග්‍රි බර්ඩ් කියලා කියන්න දත් ටික නලියනවා උනත් මට ඔතෙන්ට යන්න බෑනේ
ආහ් මටනේ යන්න බැරි දෙන්නම් සෑර්ට හොස්පිට්ල් ‍යන්නම වැඩෙ
ඇද උඩ නිදාගෙන හිටිය සිල්වෙස්ටර්ව කාමරේ දොර ගාවින් තියලා පයින් තල්ලුවක් දැම්මේ ඉස්සරහට යන්න කියලා මගේ පූස් කැටේ ඒක තේරුම් අරන් සාලෙට යද්දිම...

🔥 හචිං හචිං...  ආන්ටි හචිස්... මෙහෙ හචිස්... පූස් හචිස්.. ඉන්න හචිස්... වද

අපේ අම්මා කිව්ව දේ නම් මට ඇහුන්නෑ සෑර් නම් හච්චින් ඇර ඇරම ගෙදරින් එලියට දිව්වා ආවා මෙතන මේ සුපර් කැට් වුමන්ගේ මව් යානාවට ඔත්තු සපයන්න ඒවා හදේ





Sunday....

දවස් පහක් ඇන්ග්‍රි බර්ඩ්ව හරියට දැක්කෙ නෑ ඊයේ හචින් ඇර ඇර ගියාට පස්සේ හෙවනැල්ලක්වත් මෙ පැත්තට ආවේ නෑ
හනේ මට සාංකාව වත් හැදීගෙන එනවද මේ මනුස්සයව නොදැක මොකක් මට සාංකාව හදවන්න ඒ මෝඩයාට බෑ මට මේ තියෙන්නේ එයාගෙයි ශෙටි මිස්ගෙයි සම්බන්දේ දැනගැනීමේ කුතුහලය මිසක් වෙන මුකුත් නෙමේ

💙 ඒ පිස්සු පූසී

💫 මොකද වදේ

💙 උදව්වක් විදිහට මේ පොත ඩිලන්ට ගිහින් දෙනවකෝ

💫 මට..... ආහ් හරි දෙන්න

මෙව්වාට තමා දෙන දෙයියෝ බල්ටි ගගහා දෙනවා කියන්නේ

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now