<16>

31 3 0
                                    

සර් එකපාරටම.....

මගේ උරහිස උඩින් අත දාලා ස්විච් එකක් ඔන් කරා..... අදුරු වෙලා තිබ්බ ගේ එකපාර එලිය උනා
ඒ ගෙදර තිබ්බේ චිත්‍ර අදින කඩදාසි ගොඩකුයි ඒවා රදවන ආදාරකයි සායනුයි ඉදගන්න පුටු දෙකකුයි විතරයි
එලියෙ තිබ්බ තරම් ගරා වැටුනු පෙනුමක් නම් තිබ්බෙ නෑ

මාව ගනන්වත් ගන්නෙ නැතුව සර් ඉස්සරහට ගිහිල්ලා සුදු රෙද්දකින් වහලා තිබ්බ චිත්‍රයක් මා දිහාට හරවලා රෙද්ද අයින් කරා
වාහ්..... මන් දැක්ක ලස්සනම ආට් එක

🔥 ඉගන ගන්න ආසද

💫 වෝහ්.... මේක ඉගන ගන්න මම ඕන දෙයක් කරනවා.... මේ තරම් professional artist කෙනෙක්ගෙන් ඉගන ගන්න... වාව් මේක කාගේ චිත්‍රයක්ද

🔥 හැම සබ්ජෙක්ට් එකක්ම ඔයා පාස් උන දාට ඔය ආටිස්ට්ගෙන් ඔයාට ඉගන ගන්න පුලුවන්

එකපාර ඇන්ග්‍රි බර්ඩ් ට මක් වෙලාද.... මට පුලුවන් ද ඔක්කොම ඒවා පාස් වෙන්න ඒත් මේක දැක්කම හුව්ව්ව් මට වාවන්නෑ

💫 එහෙම ඔක්කොම පාස් වෙන්නේ කොහොමද

🔥 මම ඔයාට උගන්නන්නම්.... එක කොන්දේසියක් තියනවා

ඒ ආටිස්ට් හම්බෙලා ඉගන ගන්න මම ඕන දෙයක් කරනවා

💫 කියන්න

🔥 පූසෝ ගේන්න බැ
මේක රහසක්
ෆ්‍රී වෙලාවක් කියන්න මම ඔයාට ඕන සබ්ජෙක්ට් එකක් උගන්නන්නම්
ලුකස් තියා ඔයාගෙ යාලුවෝවත් දැනගන්න බෑ

එක කොන්දේසියක්නේ තියනවා කිව්වේ....ගනන් සර් කෙනෙක් උනාට හරියට ගනන් කරන්නවත් දන්නෑ

💫 හරි....සර්ත් කුරුල්ලෝ ගේන්න බෑ

🔥 හ්ම්ම්.... පුලුවන් නම් ඉස්කෝලේදි ඇරුනම අනික් තැන් වලදි මට.... ඩිලන් කියන්න

💫 හ්ම්ම්

🔥 හෙට ඉදන්ම පටන් ගමු නේද

සර්ට හෙට ඉදන් පාඩම් පටන් ගන්න එකට හා කියලත් මම කල්පනා කරේ මේ මනුස්සයට එකපාර මොකක්ද උනේ කියලා....
එයා කරපු යෝජනාව ප්‍රතික්ෂේප කරන්න මට ඕන උනේ නෑ.... ඒත් ඒ ඇයි???
සමහරවිට ඉස්කෝලේ ගුරු මන්ඩලේම මට එපා වෙලා නිසා වෙන්න ඇති

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now