තෙවන නෘත්‍ය 🥀

162 27 8
                                    

" මෙය ඉතා සුන්දරයි නොවේද.... පාර්වදී බලන්න... මේ වළලු ඉතාම අගනායි...
දුටු විට ආශා සිතෙනවා නොවේද..."

නර්මදා රාජස්ථානයේ නිතරම කාන්තාවන් ගැවසෙන අලෙවිසැලක් වෙත ඔහුගේ දෑතින් ඇදගෙන යමින් පැවසුවේ ඉතා අගනා වීදුරු වළලු රැසක් පාර්වදී හට පෙන්වමින්.

" සුන්දරයි.... "

සමනලියගේ හිත ගත් තරු කැටයම් සහිත වීදුරු වළලු පෙළ දුටු සැනින් ම ඔහුට සිහිපත් වූයේ තරු කැට මෙන් දිදුලන ගැඹුරු, කියවීමට අපහසු ශිව ගේ නේත්‍ර යුවල...

" මෙය කෙතරම් මිල ද...?"

නර්මදා විමසූයේ ඇගේ සිත් ගත් මාලයක් ගෙලට තබා හැඩ බැලීමෙන් අනතුරුව.

" එය කාසි අටක් වෙනවා...."

වෙලෙන්දා මිල ගණන් පවසද්දී තම ඉණෙහි මෙතෙක් වේලා ආරක්ෂිතව රඳවා තබා ගෙන සිටි මුදල් පසුම්බිය පිටතට ගත් නර්මදා එයින් සිය සිතැඟි පළඳනාවට අවැසි මුදල් වෙළෙන්දා අත තැබුවා.

" එවිට මෙය...?"

තම සාරි පොටේ ප්‍රවේසමෙන් ගැට ගසා තිබූ කාසි පහක මුදල මෙහෙන්දි රටාවෙන් හැඩ වූ කුඩා හස්තයට මිටි කරගෙන පාර්වදී පැතුවේ තම අතෙහි වූ මුදලට තම සිත් ගත් තරු කැටයම් සහිත වළලු යුගල ගන්නට හැකි වේවා කියලයි.

" නැගණි... එය කාසි දහයක් වෙනවා... ඔබට ගැලපෙනවා ඉතා හොඳට... ගන්න එය.."

පාර්වදී ආශාවෙන් බලා සිටියේ තම අත ඇති මුදල ආභරණයට සෑහේවි යැයි. එනමුත්... තම අත රැඳි මුදල එයට මදි බව දුටු පාර්වදී ගේ ආශාවෙන් පිරුණු නිල් නෙත් දුක්බර ව බිමට හැරවුණා.

" අයියණ්ඩි..
මේ වීදුරු වළලු කොපමණ මිලද..? "

පිරිමි කටහඬක් වෙලෙන්දාගෙන් විමසද්දී, කටහඬ ආ දෙසට හිස හැරවූ වෙලෙන්දා වහාම සිය ජටාව අතට ගනිමින් නැගී සිටියේ ආ පුද්ගලයා කවුරුන්දැයි වටහාගෙන.

" ඔබතුමා... මෙහි....?"

" සාමාන්‍ය ලෙස හැසිරෙනු.. මට ඒ වළලු මිලදී ගැනීමට අවශ්‍යයි... "

ආ තැනැත්තා වෙලෙන්දා ගේ කනට කර පවසද්දී වෙළෙන්දා වහා හිස සලමින් මෙතෙක් පාර්වදී ආශාවෙන් නරඹමින් සිටි වළලු කිහිපය තමාට ලබා දෙන ලෙස වෙලෙන්දා ට සන් කළා...

නෘත්‍යා... A Jikook nonfic ✔️Where stories live. Discover now