තිස් නවවන නෘත්‍ය 🥀

91 19 1
                                    

ශිව සහ පාර්වදිය රාජස්ථානය හැර ගියේ සියලුම සෑප සම්පත් අත්හැර. ගූජරාට් හි ගම්මානයේ කුඹල්කරුවකු ලෙස කටයුතු කළ සමයේ වෙහෙස මහන්සි වී උපයා ගත් රන්කාසි පනහක පමණ සුලු මුදලත්, ශිව දෙවොලේ තබා තිබෙන ඔහුගේ පඬු වස්ත්‍රත්, සමනලිය රාජස්ථානයට පළමු වරට පය තබද්දී රැගෙන ආ වස්ත්‍ර සහ ආභරණ අඩංගු රෙදි පොට්ටනියට වඩා කිසිවක් හෝ ගැනීමෙන් තොරව ඔවුන් මධ්‍යම රාත්‍රියේ ම රාජස්ථානය හැර නික්ම ගියා.

සමනලිය ශිවත් සමග නික්ම යෑමට පෙර ශිවගේ දෙපා මුල හඬා වැටුණා. එදින ම ඔහුගේ හිස පැළඳි කිරුළ තමා නිසාවෙන් අත් නොහරින ලෙස සමනලිය ශිවට බැගෑපත් වුවත් ශිවගේ තීරණය ඉතා තද එකක් වුණා. තමාගේ පතිනියට තමා හට හිමිවන ගෞරවය ම නොලැබෙන ස්ථානයක තමා කිසියම් ම අයුරකින් නොරැඳෙන බව ශිව අවධාරණය කළා.
අර්ජුන් තමාව සොයන්නට පිරිස් යොදවනු හැකි බව දන්නා නිසාවෙන් ම ශිව අර්ජුන් ගේ බල ප්‍රදේශය වූ රාජස්ථානයෙන් නික්ම තක්ශිලාවට පැමිණියා.

නමුත් රාජස්ථානය ට ශිව සහ සමනලියගෙ නික්ම යෑමෙන් පසු යහපත් කාලයක් උදා වුණේ නැහැ. ශිව සමනලිය ව අත්හරිනවාද නැද්ද යන්න පිළිබඳව ඔහුගේ තීන්දුව විමසීමට ජනයා එදින එක්රැස් වුවත් ශිවගේ අවසන් සටහන මිස කිසිවක් ඔවුන් ට හමු වුණේ නැහැ.
එපමණක් නොවේ...
රාජස්ථානයේ දේශ සීමාවෙන් පිටතට යුවල ගමන් කළදා සිට... රාජස්ථානයේ සෞභාග්‍යමත් කාලය අවසන් වුණා. එතැන් සිට පස් වසරක කාලයක් ගෙවී ගියත්.. රාජස්ථාන් පොළොවට තවමත් වැහි කඳුලක්වත් වැටුණේ නැහැ.

නියමිත කලට වැසි නොලැබීම නිසා වගා කටයුතු ඇණහිටලා. වගාවන්ට පමණක් නොවෙයි.. ජනතාවටත් මේ නිසාවෙන් මුහුණ දෙන්න වෙලා තියෙන්නේ බොහෝ කර්කෂ අවධියකට.
ශිව රාජ්‍යයෙන් නික්ම ගියත් ඔහු නැවත යම් දිනෙක පැමිණේවි යන විශ්වාසය පැවති නිසා අර්ජුන් සේන්පති ලෙස සියලු කටයුතු නිසි අයුරින් ඉටු කළත් රාජස්ථානයේ බැලූ බැලූ අත හරිත වර්ණය වියැකෙමින් වියළුණු බිමක් බවට පත් වෙමින් තිබුණා.
ඔවුන් වර්ශාව අපේක්ෂා කරමින් කාශිවල ශිව දෙවොලේ සතියකට වරක් පූජෝපහාර පවත්වා මහාදේව් ගෙන් වර්ශාව අයැද සිටියත් තවමත් මහාදේව් එම පූජෝපහාර වලින් තවමත් දෙවියන් ව සතුටු කරන්න ඔවුන්ට පුළුවන් වෙලා නැහැ.

නෘත්‍යා... A Jikook nonfic ✔️Where stories live. Discover now