" බාධා කිරීම ගැන ක්ෂමා කරන්න යුවරාජ්..."
ද්වාරය අසලින් ඇසුනු කටහඬ, ද්වාරය අභියස ආරක්ශාව වෙනුවෙන් යුවරාජ් විසින් රඳවන ලද ද්වාරපාලක ට හිමි වුණා.
යුවරාජ් ට ඉතා ගැටලුකාරී මොහොතක තමාට බාධා කරන්න ට තනන ද්වාරපාලක කෙරෙහි කෝපයක් ජනිත වූයේ වුව, ආයාසයෙන් කෝපය මැඩ පවත්වා ගත් යුවරාජ් නැගී සිටියේ ද්වාරය වෙත යන්නට. ඒ අතර පාර්වදිය විසල් කරගත් නීල නේත්‍ර යුගලෙන් ද්වාරය වෙතට නික්මෙන යුවරාජ් දෙස බලා සිටියේ තිගැස්මෙන් පිරි හදවතෙන් යුතුව වුණා." බාධා කිරීම ට කාරණය..?"
යුවරාජ් ගේ කටහඬ ප්‍රශ්න කරද්දී ද්වාරපාලක ට වැටහී ගියා... තමාගේ බාධා කිරීම කෙරෙහි යුවරාජ් ගේ කිසිඳු අයුරක සතුටක් දකින්නට නොමැති බව.
" යුවරාජ්....
වියපත් යුවලක් ඇවිත් ඔබතුමා හමු වීමට අවසර පතා මාලිගය ඉදිරිපිට රැඳී සිටිනවා...
පවසන්නෙ ඔවුන් දෙදෙනා අනාග යුවරාණි ගේ මා පියන් බවයි..."යුවරාජ් සුසුමක් හෙලා ළය සන්සුන් කර ගන්නට උපරිම වෑයම් කළ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ. ඔහුගේ දෙනෙත් වල කලබලකාරී ස්වරූපය සඟවා සන්සුන් අයුරින් කතා කිරීමට යුවරාජ් හට හැකි වුණා.
" අගෙයි....
මම ඔවුන් ව මාලිගයට කැඳවන්න තමයි සිතා සිටියෙ.
ඔවුන් ව මෙහි කැඳවන්න..."යුවරාජ් ගේ පිළිතුර හිස නවා බාරගත් ද්වාරපාලක වහාම මාලිගයේ ද්වාරය අසලට පියවර මැන්නේ හැකි විගස යුවරාජ් ගේ අණ ඉටු කරන්නට.
නමුත් මේ වන විට පාර්වදිය ගේ හදවත තිබුණේ ගිනි ගන්නට ඔන්න මෙන්න මොහොතක. යුවරාජ් ශිව වේ යැයි මොහොතකට වත් නොසිතූ පාර්වදී හට තම සත්‍යයද නොසිතූ අයුරින් ශිව සමීපයේ හෙළි වී ගිය නිසාවෙන් කලබලයේ උපරිම අන්තයට ගොස් තිබුණා.
නමුත් ශිව කිසිඳු දෙයක් පැවසීමට උත්සුක නොවුණෙන් යුවරජු ගේ ස්වයංවරය ට තමා සම්බන්ධ වූවාට දණ්ඩන දෙනු ඇතැයි සාධාරණ සැකයක් පාර්වදී හට පැන නැගුණේ යුවරාජ් තමා දෙසට එකඳු බැල්මක් හෝ නොහෙලූ නිසා. නමුත් ශිවගේ සිතෙහි මේ මොහොතේ වූයේ තමා සිත් බැඳි තැනැත්තා තව දුරටත් කතක් නොවෙතැයි දැන ගත්තත් තමාට පාර්වදිය කෙරේ බැඳි ආල සිත අත්හරිනු නොහැකි නිසාවෙන්.
YOU ARE READING
නෘත්‍යා... A Jikook nonfic ✔️
Non-Fictionනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...