අවසාන නෘත්‍ය 🥀

119 19 21
                                    

කාලය ගෙවී යන ඉක්මන පැහැදිලි කරන්නටත් අමාරුයි. සමනලිය සහ ඔහුගෙ සැමියා මාලිගයට නැවත පැමිණ තෙමසකට අධික කාලයකුත් ගත වෙලා.
සමනලිය සහ ශිවගේ ආගමනයත් සමග රාජස්ථානයේ බිම නැවතත් නැවුම් සුවඳින් පිරී ගිහින්.
ගොවියො වගාවන් ආරම්භ කරලා. එසේම ඒ දේවල් වලට අවැසි රාජකීය අනුග්‍රහය ශිව සහ අර්ජුන් ඉතා අවධානයෙන් යුතුව සැපයුවා.

පැමිණෙන්න පැමිණෙන්න ඉක්මනින්....

ආ...? කුමක්ද කාරණය...?

මාලිගයෙ මහ දොරටුව අභියස දානශාලා විවර කරලලු...

සැබෑද...?

මහරාණි ගෙ පින්වන්ත දෑතින් ජනතාවට සහන බෙදනවලු...
රාජ්කුමාරි නර්මදා සහ රාජ්කුමාරී මණිකර්ණිකා සමග...
සමහර විට මහරාජ් සැපත් වෙන්නත් පුළුවන් ලු.

ජනතාව අතර පැතිර යන මේ වදන් නිසා බොහෝ ජනතාව මාලිගයේ දොරටුව අසල රැස් වෙලා.
සැබැවින් ම මේ මහ දොරටුව ඇරෙන්නේ මාලිගයෙන් රට වැසියන් ට යම් කිසිවක් බෙදා හැරීමක් සිදු වනවා නම් පමණයි.
මාලිගයෙන් ශිව සහ සමනලිය පිට වූ දා සිට ගෙවුනු පස් වස මුලුල්ලේ ම එක් වරක් හෝ මෙම මහ දොරටුව විවර කළේ නැහැ.
නමුත් සමනලිය ශිවගෙන් ඉල්ලීමක් සිදු කළ පරිදි මහ දොරටුව මසකට වරක් විවර කෙරුණා.
මේ මහ දොරටුව විවර කෙරෙන තෙවැනි අවස්ථාව. පළමු වතාවේදී වීර් සහ විද්‍යා ඔවුන්ට දරුවෙක් ලැබීමට සිටින බව සුභ ආරංචියක් සේ පවසමින් මෙලෙස ජනතාවට සහන බෙදා දුන්නත්, දෙවන වතාවේදී එයට එක් වුණේ ජග්දීශ් සහ ගංගා...
මෙවර මහ දොරටුව අභියසට මහරාණි සැපත් වන බවට ලැබුණු ආරංචි නිසා වෙනදාට වඩා බොහෝ දෙනෙක් මහා දොරටුව අසල විවර වෙන දානශාලාව අසල එක්රැස් වෙලා.

දානශාලාවෙ දොරටු විවර කරද්දි මාලිගයේ ද්වාරපාලකයන් එකිනෙකා බැගින් මහජනයා ව දානශාලාවට ඇතුල්වීමේ දොරටුවෙන් ඇතුල් වන්නට ඉඩ හැරියා.
රන් රතු සාරියකින් සැරසී සහ නොයෙක් රන් අබරණ පැළඳ සිටි සමනලිය වටා නොයෙක් ධන ධාන්‍යය පිරී පැවතුණා. ඇය අසලින් ම සිටි කුඩා දියණිය සහ නර්මදාව ත් ජනතාවට දැකගත හැකි වුණා.

නෘත්‍යා... A Jikook nonfic ✔️Where stories live. Discover now