01. 🌈️

181 17 18
                                    

කලු නෝටි කෙල්ල
ස්විටි මැණික මාගේ
මං ඔන්න ආවා
උම්මා උම්මා ඕනේ
කලු නෝටි කෙල්ල
ස්විටි මැණික මාගේ
මං ඔන්න ආවා
උම්මා උම්මා ඕනේ

අයිම් යුවොර් ස්විට් මැණකේ
අයිම් යුවොර් ස්විට් මැණකේ

උබ නැති දිපේ
රස නෑ නෝනේ
තුරැලට පැනපන් මාගේ
පපුවම මාගේ ගින්දර වගේ
මං හරි හැන්සම් නෝනේ

රෝමියෝ ජුලියට් වාගේ අපි දෙන්නා
මයේ කලු කෙල්ලේ
ආදරේ දල්ලේ
උබ මගේ පණ මයි හිතුනා

කොටුවෙන් බැහලා 32 කතරගමට නැග්ග මං කෝකකටත් කියල ආයෙම ළග උන්න එකෙක්ගෙන් මේ කතරගම බස් එකමද කියලත් ඇහුවා...ඇයි යකෝ මේක නිකන් ඩිස්කො පාටියක් වගේනෙ... තොරණ වගේ පාට පාට බල්බ් දාලා කන පැලෙන්න ඩීජේ එකක් දාලා...මට වැරදිලා වෙන මොකකට හරි නැග්ගවත් දන් නෑ නෙ...

ඕනෙ මගුලක් වෙච්චාවෙ කියල වාඩි වෙච්ච මං  ඩ්‍රයිවර් කාරයට ඌට ඕනෙ ආතල් එකක් ගන්නයි කියල හෑන්ෆ්‍රී දෙක ගහ ගත්තා... සෙමියකට නැග්ගම ජීවිතේට ඉදගන්න හොද නැත්තෙ බෆල් එක යට සීට් එකේ වෙද්දි අද මගෙ කරුමෙ කොච්චර ද කියනව නම් සෙට් උනේම පිටිපස්සෙ බෆල් එක යට ඩබල් සීට් එක....

හැබැයි ඉතිං නරකමත් නෑ ... ජනේලෙ අයිනෙ වාඩි වෙලා හිටියෙ පට්ට කෑල්ලක්...ආයෙ කොන්ඩෙ ලේයර් කරලා ටින්කරින් ගහලා...ක්‍රීම් කැකර් තට්ටු හත වගේ ෆවුන්ඩේශන් මේකප් උලලා රෑක දැක්කොත් මෝහිනිත් බය වෙන ජාතියෙ කලම්බො පොශ් සෙම්සි කෑල්ලක්...

අවුලක් නෑ ... ඩ්‍රයිවරයගෙ ස්වීටි මැණිකෙටම සෙට් වෙන එකේ හික්කඩුවට යනකල් මට ආතල් එකක් ගන්න පුලුවන් වෙයි වගේ මෙයාගෙන්... බිකෝස් ඉට්ස් මී...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Petals of Radiance 🌻 | Yizhan Where stories live. Discover now