03. 🌈️

57 12 0
                                    


" සෙනාර ??"

ඒ ආවෙ සෙනාර වගේම එයාව දැක්ක ගමන් මට සෙනාර කියල මිමිණෙද්දි  මගෙ බෙල්ලෙ එතිලා ඩ්‍රැකියුලා වගේ ඉන්න කෙල්ල දිහා ටිකක් ඇස් ලොකු කරල බලපු එයා කට කොනෙන් ඊව් වගේ බැල්මක් දාන් වොශෲම් එක ඇතුලට ගියා...

ඔතනින් වෙන එකෙක් ගියා නම් මට ගාණක්වත් නැති වෙන්න තිබ්බා...ඒත් ඇයි මගෙ නයි මිරිස් කරලම ආවෙ එතනට....ආහ්...පොඩ්ඩක් හෝව්... ආනෝශ් තමුසෙට පිස්සු හැදිලද ඒ පාර... " මගෙ !! නයි !! මිරිස් !! " වට් ද ෆක් ආනෝශ් ....

" මොනාද ආනෝශ් කල්පනා කරන්නෙ ඔච්චර "

" මුකුත් නෑහ්...මං යනවා !! "

අන්තිමේ මගෙත් එක්කම මට තිබ්බ තරහට ළගට  ආව මාමටත් බැනපු මං රෙඩ්බුල් කෑන් එකත් පොඩි කරන් කාමරේට ගියා...

මට මොකද එයා කවුරු උනත් ... අනික ඇයි එයා දැක්කා කියල මොනව කරන්න ද... හහ්... ඕනෙ නම් නැන්දිට කියයි...

මං කොට්ටෙකුත් බදාගෙන ඇස් දෙක පියා ගත්තා... අද හරි දිග දවසක්... උදේම තාප්පෙන් පැනලා ස්ටේශන් එකට ඇවිත් ආයෙ කොටුවෙන් බැහැලා... අක්කි බබෙක් දොයි කරවලා... ඒ මදිවට නයි මිරිස් කරලකට චාටර් වෙන්නත් උනා මට ...සැක්...ඒක තමා කැතම...

කොහොම උනත් අද දවස හරි ලස්සනයි ... නුවර කියන්නෙ කවියන්ට ප්‍රේමණීය නගරයක් වෙන්න ඇති ඒත් උපන්දා ඉදන් මට නම් ඒ නගරෙ කිසිම දෙයක් ප්‍රේමණීය උනේ නෑ .. ඇත්තටම සිකුරා නළලෙ කොටන් මල්සර නැකතක ඉපදුනාට මොකද මට සැනසීම කියන දේ විතරක් ලබන්න උරුම නැතිව ඇති ...

මට ආයෙම පාරක් අර නපුරු සිත්තරාව මතක් උනා...මොන මගුලක්ද මන්දා මට ඒකවමයි මතක් වෙන්නෙ ඒ පාර......

සෙ  නා  ර ... හිනා වෙන්න නම් දන්නෙම නැද්ද කොහෙද... රවන එක විතරයි ...ඒකට මොකද වොයිස් එක කනට මී පැණි වගේ.... මට තාමත් මතක් වෙන්නෙ ඒ ඇස් දෙක... හෙන හුරතල් විදිහටනෙ අනික රවන්නෙත්... ඒත් මට ඇයි මේ කොල්ලව මේ තරම් මතක් වෙන්නෙ...

ම්ම්න්...ම්ම්න්...ඔයා දැන් මගෙ මතකෙට එනවා වැඩී රත්තරන් .... අපි බලමුකො ඔයා කවුද කියල එහෙනම්...

මේ ආනෝශ්ට කෙල්ලෙක්වත් ලේසියෙන් මතක හිටින් නැති කොට එක තප්පර ගානකට හම්බුන ඔයාව ඇයි මට මෙච්චර දැනෙන්නෙ කියන එක නම් බොන්න ඕනෙ ප්‍රශ්නයක් ...

Petals of Radiance 🌻 | Yizhan Where stories live. Discover now