05. 🌈️

35 11 5
                                    

" ඇයි ඔයා මට යුගන් කියන්නෙ...හැමෝම මට කියන්නෙ සෙනාර කියල නෙ..."

හික්කඩුව වෙරළතීරයේ ගෙවෙන තවත් සුන්දර උදෑසනක්...උදේම හම්බෙන්න ඕනෙ කීව මගේ නයි කොච්චි කරල දහය වෙද්දි මට එන්න කියල එයා ආවෙ පැය භාගයක්ම පරක්කු වෙලා...

මගෙ හුරතල් කොච්චි කරලට අද උදේ ඉදන් ප්‍රශ්න ගොඩායි...පළවෙනිම එක කොල්ලා බස් එකෙන් බහින්න හදනකොටම ඩ්‍රයිවර් කාරයා බස් එක අද්දලා... ගෙම්බා පොළේ ගැහුවා වගේ මේකා බිම වැටිලා.... උදෙන්ම ඉතිං බස් ප්‍රශ්න ... ඊලග ප්‍රශ්නෙ තමා දැන් ඔය ඇහුවෙ...ඇයි මං එයාට යුගන් කියන්නෙ කියල .....ඉතිං බං හැමෝම සෙනාර කීව පලියට මාත් ඒකම කියන්න ඕනෙද...සමයං...

" හැමෝම කියන එක මං කියන්න ඕනෙ කියල එකක් නෑ නෙ ..."

" නෑ එහෙම එකක් තියෙනවා... "

" දන්නවද යුගන්...මිනිස්සු වෙනස් විදිහට කතා කරන්නෙ... විශේෂ නම් දාගන්නෙ... තමන්ට වැඩියෙන්ම දැනෙන මිනිස්සුන්ට... තමන්ටම විතරක් විශේෂ මිනිස්සුන්ට..."

" එතකොට දැන් මාව ඔයාට දැනෙනවද...."

අනේ උඹත් මල සමයමක් බං....යකෝ පේපරේකවත් නෑ මෙච්චර ප්‍රශ්න...එකක් ඉවර වෙද්දි තව එකක්...ඒකත් අහපියකො මට උත්තරයක් දෙන්න පුලුවන් මගුලක්...මූ අහන්නෙම මාව බෙල්ල මුලින් හිර වෙන ජාතියෙ ප්‍රශ්න...

" මේ ඒක නෙවේ ඔයා ජන්කුක්ගෙ ආසම සිංදුව මොකද්ද ...."

හරියන් නෑ ... කලින් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් උඹ යාලු වෙන්නත් කලින්ම මා එක්ක තරහ වෙනවා යුගන්...සමාවෙයන්...උඹ ඇහුවෙ උඹව දැනෙනවද කියල...මං කොහොමද බං උත්තර දෙන්නෙ...ජීවිතේ පළවෙනි වතාවට මට වෙනස්ම හැගීමක් ඇති කරපු මනුස්සයා උඹ කියල ... මගෙයි කියල හැගීමක් මට දුන්න පළවෙනිම  මනුස්සයා උඹ කියල මං කොහොමද බං කියන්නෙ...

යුගන්ගෙ ප්‍රශ්නෙට මං එයාගෙ ෆේව් බටස ඇදන් හරස් ප්‍රශ්නයක් ඇහුවා විතරයි කොල්ලට සේරම අමතක උනාද කොහෙද....

" හනේ....ඔයාගෙ බයස් ජන්කුකීද...මං ආසම එයාගෙ Still with you අහන්න....වාහ්...ඒක මාරයි.... එයාගෙ වොයිස් එකට පුලුවන් ඇවිලෙන ගින්නක් උනත් නිවන්න ....ඒ තරම් ස්මූත් ලයික් බටර් ...."

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

Petals of Radiance 🌻 | Yizhan Where stories live. Discover now