02. 🌈️

72 12 7
                                    



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ලස්සනයි කීවෙ චිත්‍රෙ උනාට ඇස් දෙකත් හීනි කරන් රවාගෙන මං දිහා හැරුණ ...ඒ චිත්‍රෙ අයිතිකාරයා දැක්කාම මට චිත්‍රෙට වඩා චිත්‍ර ශිල්පියා ලස්සනයි කියල හිතුනා....වාව්...ජස්ට් ලුකින් ලයික් අ වෑව්ව්... මේ යකා ඇත්තටම මනුස්සයෙක් ද නැත්තම් කිරිගරුඩ මූර්තියක්ද...

" මේ එක්ස්කියුස් මී... තමුන් ටිකක් එහාට වෙනවද.... "

" අහ්..මොකක්..."

" සිංහල තේරෙන් නැද්ද මනුස්සයො...කටත් ඇරන් මෙතන බකවන් බලන් ඉද්දි මං කොහොමද යන්නෙ... මෝඩ මී හරකෙක් වගේ කටත් ඇරන් බලන් ඉන්නවා.
"

පොඩ්ඩක් ඉන්න....පෝඩ්ඩක් ඉන්න... මොකද්ද යකෝ ඒ උනේ... යකෝ මේ ආනෝශ් දැක්කම මීහරකෙක් මතක් වෙන්නෙ මොකාටද.... සැක්... මෙහෙම ලැජ්ජ වෙලා නෑ කවදාවත් හැබැයි  ...

අහඹු සිත්තරාගෙ රූප සුන්දරත්වයට වහ වැටිලා බලාන හිටපු මට එයා මෝඩ මී හරකා කීවා... හැබැයි ඒ වොයිස් එක...වාහ්... කනට මී පැණි තරම් සනීපයි .... රවලා කරලා බැන්නට මොකද කියුට් වොයිස් එකක්නෙ තියෙන්නෙ ...

මාව තඹ සතේකට මායිම් නොකරපු එයා ආපහු හැරිලා එයාගෙ චිත්‍රෙට අවධානෙ දෙද්දි නිදි පැදුරෙන් නැගිටල ආව මං මෝඩ මී හරකෙක් වගේ එයා දිහාම බලන් හිටියා...

" ශායු බබා... සුදු ඔයා නැගිට්ටද... මං කිරි එකක් හදල දෙන්නද...."

"  දැන්ම එපා නැන්දි.... මේ කට්ටිය කවුද..."

එයාගෙ අතේ තිබුණ පින්සල හරි සංයමයකින් කැන්වස් රෙද්දෙ එහා මෙහා යන විදිහ දිහා වශී වෙලා බලන් උන්න මං ගාවට ආවෙ නැන්දි.... එයා ඒ ළමයින්ට බීම එක්ක චොකලට් බිස්කට් අරන් ඇවිත් ....

Petals of Radiance 🌻 | Yizhan Where stories live. Discover now