04. 🌈️

40 7 4
                                    

සීත මෝසම් ගීත නාදෙන්
චංචලයි හිත දැන් නම්
හිත සංසුන්....

මං හිටියෙ මගේ නයි මිරිස් කරල දිහා බලාගෙන... දම් පාට පියෝනි මලක් වගේ ඉදන් අන්තිමේදි යුද්ධ කරලා හොර කරලා දිනාගත්ත අයිස්ක්‍රීම් එක කන එයා දිහා මං ඇහිපිය නොහෙලා බලන් හිටියා...

මේකා හුරතල් කියන්නෙ නිකන්ද... කවුරු හරි උදුරගෙන යයි කියල බයෙන් වගේ අයිස්ක්‍රීම් එක කන අතරෙ මං දිහා බල බල හොරාට රවනවත් එක්ක...යකෝ මට රවන්නෙ...මං නැත්තම් උඹ කයි අයිස්ක්‍රීම් ....

අපි දෙන්නම හිටියෙ වැල්ලෙ ඉදගෙන... කලින් අයිස්ක්‍රීම් වලියට අත දාන්න ගිහින් වෙච්ච සීන් කෝන් එකෙන් පස්සෙ මගෙ හුරතලේ මේ ලෝකෙ ඉන්න හොදම යාලුවා මං කියල දිවුරුවා...ඔව් ඔව් ...මාත් දන්නෙ එතකොට ...මං එයාගෙ යාලුවෙක් ලු... මෙව්වා ඉතිං දෙයියො දනී අපි නොදනී වගේ කතා...

සීන් එක උනේ මෙහෙමයි... අයිස්ක්‍රීම් වීල් එක ගාව මේකා අර කෙල්ල එක්ක රණ්ඩු වෙවී හිටියෙ ඉතුරු වෙලා තිබ්බ එකම වොන්ඩර් කෝන් එක බෙදාගන්න බැරුව...ඒකත් වැනිලා නෙවේ චොකලට් එක නිසා මගෙ නයි මිරිස් පාට ගෝවා ගෙඩියත් ගේම අතැරියෙ නෑ ...

කොහොම හරි ඉතිං මාත් පැන්න ගමන් ඉල්ලුවෙ චොක්ලට් වොන්ඩර් කෝන් එකක්ම වෙද්දි පොර කුකුලො වගේ වලි දාගත්ත එවුන් දෙන්න එකපාරම ඒක දෙන්න බෑ කියල කෑගැහුවා....

ඒත් ඉතිං දන්නැද්ද... මේ ආනෝශ් කියන්නෙ මල්සරාගෙ මානව පිටපතට...හ්ම්ම්....මාව දැක්කා විතරයි තප්පර දහයයි දශම තුනක් යන්න ඇති ඕනෙ නම් කෙල්ල මට පැණි පෙරන්න පටන් ගද්දි ඒකි අහිංසක සාන්ත දාන්ත විදිහට සටන පාවා දුන්නා...

හැබැයි ඉතිං ඒකෙන් මේකෙන් සිද්ද වෙච්ච හොදම දේ තමා සෙනාර ඇවිත් මාව බදාගෙන මේ ලෝකෙ ඉන්න හොදම කෙනා මායි කීව එක... ඒකා කන්ෆියුස් වෙලා බලාන ඉන්න අයිස්ක්‍රීම් වීල් එකේ අයියට මං ඌගෙ හොදම යාලුව කියල ඉන්ට්‍රඩියුසුත් කරා...අම්මපා...

" තමුසෙ මහ අනංගයෙක් නේද... "

" ඇයි ... "

" දකින දකින එකා තමුසෙට පිස්සු වැටෙන්නෙ ඒකනෙ

Petals of Radiance 🌻 | Yizhan Where stories live. Discover now