🌹 හත්වන දිගහැරුම 🌹

588 135 78
                                    

🌹 රෝ ස 🌹7

..

..

..

..

මේක මටද අනේ...

ශාන්.. වන්ග් ගෙ චූටී බේබී.. එයා පරිස්සමෙන් ලෑස්ති කරපු.. පුංචි දවස්වල පුංචි අත් වලින් ලස්සනට ගොතපු ලස්සන ඒ වගේම උනුසුම දෙන ශෝල් එකේ හැඩ එහාට මෙහාට හරවමින් ඇහුවේ ඇස් දෙක සතුටින්ම කදුලුත් එක්ක නලියද්දි.....

ඔව්නේ... ඔයාට තෑග්ගක් මගෙන්...

අනේ ඉතින්...

ඒක ලස්සනයිද අංකල් වන්ග්....

ශාන් ශේප් එකේ තවමත් වාඩි වෙලා ඉන්න පැන්ටිය උඩ ඉදන් ඔලුව අරන් ගිහින් තියා ගත්තේ වන්ගෙ ගෙ බෙල්ල අස්සෙන්...

ශාන් ඒකට හරි ආසයි... කෙනෙක්ගෙ ගෙලෙන් දැනෙනවා. ඒ මනුස්සයගෙ ජීවන සුවද... උනුසුම.. ආදරෙත් දැනෙනවා ඇති.. ඒකනෙ පුංචි දරුවො උනත් බෙල්ල අස්සෙ රිංගන් ඔලුව ගහ ගන්නෙ...

මගේ චූටී බේබී මට තෑගිත් ගෙනල්ලා අප්පා....

ඒම තමයි ඉතින් මන් ඔයාට ආදරෙයිනෙ අංකල් වන්ග්....

ඇයි වස්තුවේ මේ...

ශෝල් එකේ හැඩ බල බල ඉදපු වන්ග් හිනාවෙන් කියෙව්වට එයාගෙ ගෙලට දැනෙන රස්නෙ... ඒ වගේම ශාන්ගෙ බිදුන කටහඩ නිසා වන්ග් ඉක්මනින් ශෝල් එක පැත්තකින් තියලා ශාන්ගෙ මූණ දෝතටම අරන් ඒ මූණ දිහා බැලුවෙ...

කදුලු ඔයාට ගැලපෙන්නෙ නෑ පුතේ.. ඔයාට හිනාව විතරයි ගැලපෙන්නෙ... ම්ම්ම්...

ශාන්ගේ බැල්ම තනිකරම අහිංසක අසරණ බැල්මක් වෙද්දි ඒ දුක හිතෙන මූණ දිහා බලාගෙන වන්ග් ශාන්ගෙ කදුලු පිහලා දැම්මා...

ඔයා නම් මට ආදරේ නොවී ඉන්න එපා හරිද....

අනේ ඒම කරන්නෙ නෑ රත්තරන්...

පුංචි ළමයින්ගෙ හිත් මල් වගේ කියනවනෙ අංකල් වන්ග්.. ඔයා හිතන්නකෝ... අපි අපේ ඕන කමට ආසාවට දරුවො හදලා.. අපිට ඕන විදියට පාලනය කරන්න උත්‍සහ කරලා.. ගුටි දීලා.. බැනලා.. ඊටපස්සෙ ඒ දේවල් හරි නොගියම පුංචිම සන්දියේදි තමන්ගෙ දෙමව්පියන්ගෙන් දරුවව ඈත් කරලා තියලා.. ඊටපස්සෙ අවුරුදු නවයටම ඕන නම් දහ දොලොස් වතාවක් විතරක් ඒ දරුවට තමන්ගේ මූණ පෙන්නලා.. අම්මව නම් ඒ තරම් වත් දරුවට පෙන්නන්නෙ නැතුව ඉදලා.. අක්කලා දෙන්නෙක් අයියෙක් ඉන්න ඒ ළමයට අඩුම තරමෙ එයාලව වත් පෙන්නන්නෙ නැතුව ඉන්නකොට... ඒ ළමයට එයාගෙ ජීවිතේ ගෙවුන අවුරුදු නවටම මොනවා හිතෙන්න ඇතිද අංකල් වන්ග්... ම්ම්ම්...

🌹රෝ ස🌹✔️✔️  YIZHAN Waar verhalen tot leven komen. Ontdek het nu