🌹 දොළොස් වන දිගහැරුම 🌹

507 122 123
                                    

🌹 රෝ ස 🌹

..

..

..

Chooty Baby... oya koheda inne...

Hari hari me duwagena ena gaman.. siiyaa kollek hambunane magadi... man me eyage duka sapa baluwane... inna hode... pataar gala eno...

දුවන ගමන් කඩේ අයියට මැසේජ් එකකුත් තිබ්බ ශාන් එහෙම්ම ෆෝන් එක දා ගත්තා සාක්කුවට...

ෆෝන් ඔබන්නයි දුවන්නයි දෙකක් කරන්න බෑනෙ ඉතින්....

අප්පටසිරි ආච්චි අම්මේ... කෝමද ඉතින්...

හානේ.. මේ අපේ චූටී බේබීනෙ... කොහෙද අප්පේ මේ පණ කඩාගෙන දුවන්නෙ...

ඉස්කෝලේ ඉස්කෝලේ...

තාමත් ඉස්කෝලේ යනවද අප්පා.. දැන් ලොකුයි නෙහ්....

ඔහෙප්පලයන්... දැන් ඉතින් ඉස්කෝලේ විස්තරේ කියන්න වෙනවනෙ මේ ආච්චි අම්මට.. කොහොමත් ඇගට දුවලම මහන්සි නිසා ශාන් පොඩ්ඩක් නතර උනා...

ඔව් ඔව්.. දැන් මන් සෑහෙන්න ලොකුයි.. ඒ උනාට තාම ඉස්කෝලේ යනවා අප්පා...

අප්පේ.. ඒමෙයි....

ඔව් ඒයී.. ඒක නෙවෙයි ඔයා කොහෙද යන්නෙ ඉතින්.... සීයා එක්ක තරහා වෙලා අම්මලගෙ ගෙදර වත් යනවද...

ශාන්ටත් ඉතින් ගමේ උන්දැලගෙ විස්තර කිව්වොත් ඊට වඩා දෙයක් නෑනේ... ඕපදූප අම්මන්ඩියෙ වලව්වෙ ඉන්නෙ...

පාර අයිනෙ තිබ්බ ගලක් උඩින් වාඩි වෙලා කොල්ලා ආච්චි අම්මා උස්සන් යන බෑග් එකටත් ඇහැ දැම්මා... ම්ම්ම්.. කොළ මිටි...

මන් පොළට යනවා චූටී බේබී...

අද පොළද...

ම්ම්ම්...

බඩු ගේන්නද යන්නෙ.. විකුණන්නද...

අනේ විකුණන්න පුතේ... මේ කොළ මිටි ටික විකුණ ගන්න කියලා...

අයියෝ.. එහෙනම් පරක්කු වෙන්න එපා.. ඉක්මනින් යන්න හරිද.. ආ මේ....

ආයෙමත් දුවන්න සැරසුන ශාන් ආපස්සට හැරුනේ වයසක උන්දැට මොකක්දෝ මන්දා කියන්න හිතන්...

මන් තාම චූටී බේබීනේ.. මන් ලොකු බේබීගෙ පට්ටම අරන් ලොකු උනාම මන් ගාවත් සල්ලි තියෙනවා.. අන්න එතකොට මාත් ඔයාගෙන් සල්ලි දීලා කොළ මිටි ගන්නම් හොදේ.. තාම සල්ලි නෑ අනේ.. පේනවනේ සාක්කු දෙකම හිස්.. මන් තාම පොඩි එකානේ...

🌹රෝ ස🌹✔️✔️  YIZHAN Where stories live. Discover now