🌹 දහ අට වන දිගහැරුම 🌹

469 136 86
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

පුතා.. යීබෝ.. ඔයා දැන්ම නිදියන්නෙ නැද්ද....

ම්ම්... තව ටිකකින් පපා...

ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද..

නෑ පපා...

රෑ 9ත් පහු වෙලා... යීබෝ සාලෙට වෙලා ෆෝන් එකත් අතේ තියන් බලන් උන්නෙ හිතේ සැකෙන්...

"ඇයි මන් කෝල් කරනකල් බලන් ඉන්නවා කියලා ඔයා ෆෝන් එක ඕෆ් කරන් ඉන්නෙ රෝස මල..."

යීබෝ දැන් සෑහෙන්න වෙලාවක් තිස්සෙ ශාන්ට කෝල් කරන්න ට්‍රයි කරනවා... හැබැයි ශාන්ගෙ ෆෝන් එක දිගටම ඕෆ් කරලා..

"මොන මගුලක්ද මන්දන්නෑ... පුදුම ඉක්මනින් වෙස් පෙරලෙනවනෙ..."

යීබෝටත් කේන්තියි.. යන්නම්.. කෝල් කරන්න.. කෝල් කරනකල් බලන් ඉන්නවා කියලා ගිය ශාන් මේ වෙනකල්ම ෆෝන් එක ඕෆ් කරගෙන....

ඇගට මහන්සි ඇති... යීබෝ නෑ කියන්නෙ නෑ.. ශාන්ට පුරුදු නෑ ඔහොම කුඹුරු වල බැහැලා.. යීබෝ ඒක පිලිගන්නවා... ඒත් අප්පා ගෙදරට ගිය කොල්ලා කෝල් නොකරත් අඩුම තරමෙ මැසේජ් එකක් වත් දාන්න එපැයිනෙ... ඒ මොනවත් නෑ ශාන් ෆෝන් එක ඕෆ් කරගෙන...

උදෙත් යීබෝ ශාන් එක්ක නිස්කාරනේ තරහා අරන් පස්සෙ ශාන්ගෙ වරදක් නෑ කියලා තේරුම් ගත්ත නිසා යීබෝ මේ වෙලාවෙ ශාන් එක්ක තරහා නොගෙන ඉන්න හිතුවා...

මොකක් හරිම හේතුවක් ඇති එයාට.. තව ටිකක් බලමු...

තාම රෑ දහයටවත් නැති නිසා යීබෝට කොච්චර ඇගට මහන්සි උනත් තව ටිකක් බලන් ඉන්න හිතුවා.. වෙනදට නම් ශාන් අට වෙද්දි කෝල් කරන්න පටන් ගන්නවා.. බොහෝ වෙලාවට දහය එකොලහා වෙද්දි දෙන්නම නිදි... ඒත් අද මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑනේ... ඒ නිසා තව ටිකක් බලන්න යීබෝ හිතුවා...

වන්ග් නම් හොද නින්දේ.. එයාටත් අද මහන්සිනේ.. යීබෝ සැරින් සැරේ ශාන්ගෙ ෆෝන් එකට කෝල් ගන්න ගමන් කුස්සියට ආවේ මොනවා හරි බොන්න දෙයක් හදාගන්න...

රෑට මහන්සිය නිසාම යීබෝ වැඩිය කෑවෙ නෑ... ඒත් දැන් බඩගිනි... ඒත් කන්න හිතක් නැති නිසා යීබෝ කිරි එකක් හදා ගත්තා..

🌹රෝ ස🌹✔️✔️  YIZHAN Where stories live. Discover now