01 කොටස

58 4 0
                                    

රාව සුසුම්

01 කොටස

🌻

          දිල් රූ අශික සමරදිවාකර නිවසින් විවාහ යෝජනාවක් ඇවිත්. ඒ දිල් රූ ට මාව මැරි කරන්න ඕනලු..

          මගෙ අප්පච්චිගෙ හොදම යාළුවා නිරුධ අන්කල් එයාගෙ ලොකු පුතාව මට ප්‍රපෝස් කලේ දිල් රූ සමරදිවාකර ට ගැලපෙන එකම කෙනා සංවරී මයි කියල. නිරුධ අන්කල් එදා ඒ විදියට කිව්වෙ ඇයි කියල නම් මම අදටත් දන්නෙ නෑ..

           මොනව උනත් විවාහය කියන වගකීමට තියෙන බය වගේම දිල් රූ අයියට තියෙන බය නිසා මේ යෝජනාවට අකමැත්තක් තිබුනත් ඒ හේතු ඉස්සරහට දාල මේ මැරේජ් එක නවත්තන්න මට පුලුවන් කමක් නැහැ....

            මොකද අම්මා කිව්වෙ කවද හරි දවසක ඒ බැදීමට වගකීමට මූණ දෙන්න වෙනවා ඒ නිසා ශක්තිමත් වෙලා බය නැතුව ඉන්න කියලයි..

            මගෙ අම්ම මගෙ ශක්තිය. එයාගෙයි මගෙ අප්පච්චිගෙයි ආදරේ ඒ බැදීමට එකිනෙකා දක්වන ගෞරවය ආදරය දැක්කම පවුල් ජීවිතේකට ආස හිතෙනවා.. ඒත් හැමෝම ලගම ලස්සන ජීවිතයක් නෑ කියල මං දන්නවා..

              මොනව උනත් මම කාටවත් කියන්න නං ගියෙ නෑ මං දිල් රූ අයියට බයයි කියල. හේ... හේ..එහෙම උනොත් මගෙ නම්බුවට මොනවද අප්ප වෙනවා..

               මෙහෙම දිල් රූ අයියා ඉස්සරහ මම හූනු පැටියා වගේ උනාට මුළු මහත් සමාජයක් ඉදිරියේ මම සිංහ පැටියෙක් තමා.. එහෙව් සිංහ පැටිය වෙච්ච මම ඇයි ඇත්තටම දිල් රූ ට බය......

මොකද පොර යකෙක්ද.. ම්...

                නෑ.. නෑ... පොර යකෙක් නෙවෙයි. ඒත් යකෙක් වගේනෙ.. ඒ මදිවට දැන් මගෙ මිනිහ වෙන්නත් යනවා.

                මේ ලැජ්ජාවයි බයයි පෙට්ටියක දාල අරන් තියන්න පුළුවන් නං කොච්චර දෙයක්ද අප්පා..

                ඒත් මාත් එක්ක පොඩි කාලෙ සෙල්ලං කරපු දිල් රූ නං හැම තිස්සෙම හිනා වෙලා ඉන්න දග අහින්සක කොලු පැටියෙක්..

                 ඒ අහින්සක කොල්ල මෙහෙම යක් පැටියෙක් උනේ කොහොමද කියල මට තාම හිතා ගන්න බෑ..

රාව සුසුම්..Where stories live. Discover now