05 කොටස

19 0 0
                                    


රාව සුසුම්

05 කොටස

🌿

  " ඇයි ලොකු පුතා නැත්තෙ මහිමා.."

  "තාම දවල් ඇතුළට ගියපු ගමන් මහත්තයා..එක පාරක් වත් එළියට ආවෙ නෑ.. මොකක් හරි ප්‍රශ්නයක් වගෙ.. ඔහොම ඉන්න අරිමු මහත්තයා අදට.."

                               මෙහෙදි ගෙදර ඉන්න හැමෝම රෑට ටේබ්ල් එකට එන්නම ඕන කෑම කන්න.. ඉතින් දිල් රූ තාමත් නැති නිසයි අන්කල් හෙව්වෙ එයාව.. ඒ කියන්නෙ මාව මීට් වෙලා ගෙදරවෙලාවෙ ඉදන් මෙයා එළියට ඇවිත් නෑ...

" එතකොට දෝණි ඇවිත් කියලත් දන්නෙ නැද්ද මේ මිනිහා"

" කොහෙ දැන ගන්නද මහත්තයා කතා කරාම කෑ ගහනවා යන්න කියල ... වචනයක් කතා කරන්න දෙනවද.."

" එහෙම බෑනෙ මහිමා මේ දරුවත් ඉන්නවා.. ඉන්න මං අඬ ගහන් එන්න ඕකව..."

" ඕහ්.. අයියෝ අනකල් ඕනි නෑ.. මං පිට මනුස්සයෙක්අනෙ..එය ඔහොම හිටපුවාවෙ හෙට උනත් කතා කරන්න පුළුවන්නෙ ඉතින්..අනික මහිමා ආන්ටි කිව්ව වගේ ප්‍රශ්නයක් නම් එයාට නිදහසේ ඉන්න දෙන එක හොදයිනෙ.. අපි කමුකො.. මං දැක්ක සෝමා නැන්දා එයාට බත් එකකුත් ගිහින් දෙනවා.."

                                  මං කතා කරද්දී නම් අහස්‍ය අයියා බලන් හිටියෙ ඇස් වලිනුත් රව රව..එයාවත් ගනන් නොගෙනම මං කන්න ගත්තෙ බඩගින්නට බඩ එක එක සද්ද   දානව කියල දැනුනු නිසා..       

රාව සුසුම්..Where stories live. Discover now