🌹 දහ නවවන දිගහැරුම 🌹

497 125 179
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

අලුත් දවසක්... ම්ම්.. මේක අලුත් දවසක්.. පපුවට දැනෙන බරක් එක්කම යීබෝගේ ඇස් දෙක හෙමින් හෙමින් ඇරුනෙ අහළ පහළින් ඇහෙන තමන්ගේ දුරකතනයේ එලාම් එකේ හඬ ඇහිලා..

ම්ම්ම්....

ඇද අත පත ගෑවත් ෆෝන් එකක් අහු නොවෙද්දි එලාම් එකත් එක දිගට නාද වෙද්දි යීබෝ ඇස් දෙක යන්තමින් ඇරියා.. කොහෙද අප්පා මේ ෆෝන් එක...

අප්පටසිරි...

යීබෝව ගැස්සිලත් එක්ක ගියා... දෙයි හාමුදුරුවනේ මේ මොකද මේ..

ආශ්... මේ ෆෝන් ලබ්බ...

ආ... බිම වැටිලා... යීබෝ මේ කන් කරච්චලේ ඉවස ගන්න බැරුව බිම වැටිලා තියන ෆෝන් එක අතට අරන් එලාම් එක ඕෆ් කරලා දැම්මා...

අහම්...

ආවූහ්.... මේ රෝස මල නම්....

යීබෝට සද්දෙට හිනාවක් පැන්නා... දෙයියනේ මෙහෙම නිදාගන්න කොල්ලෙක් යීබෝ මේ දැක්කාමයිද කොහෙද....

පෙරදා රැයේ යීබෝ කාමරේට ඇවිල්ලා දෙන්නා දිහා බලද්දි වන්ග්ට නම් හොදටම නින්ද ගිහින්... හැබැයි වන්ග් ගෙ පපුව අස්සෙ රිංගන් උන්න ශාන් නම් අවදියෙන්..

ඔයත් එන්නකෝ දොයියන්න මෙතන්ට...

හීන් හඩින් ශාන් යීබෝගේ අතින් ඇදලා කතා කරද්දි කොහොම බෑ කියන්නද ඉතින්... යීබෝ සද්ද නැතුව ශාන් ලගින් හාන්සි උනා...

වන්ග් බිත්තිය අයිනෙ ඉද්දි ශාන් මැද.. ඇද ගැට්ටෙ යීබෝ... ශාන් ඉන්නෙ වන්ග් ගෙ පසට හැරිලා ඒ පපුවට හේත්තු වෙලා නිසා යීබෝ ශාන් ලග හාන්සි වෙලා ශාන්ගෙ පිටට තමන්ගෙ පපුව හේත්තු කරන් ශාන්ගෙ ඉන හරහා අතක් යවලා අල්ල ගත්තෙ කොල්ලගෙ බඩින්...

ම්ම්..

නිදියන්න රෝස මල....

ගුඩ් නයිට් අයියේ...

ගුඩ් නයිට් රෝස මල...

යීබෝටත් මෙච්චර වෙලාවක් තිබ්බෙ නැති නිදි මතක් කොහේදෝ මන්දා තිබිලා ආවා... ගතේ මහන්සිය පරයා ශාන් ලෙඩ වෙද්දි දැනුනා යීබෝට බයක්.. නමුත් දැන් ශාන් යතා තත්වෙට පත් වෙලා තියෙද්දි යීබෝටත් සැනසීමේ නින්ද ගියා...

🌹රෝ ස🌹✔️✔️  YIZHAN Kde žijí příběhy. Začni objevovat