04 : කැබින් 20...

24 4 0
                                    

Choi Mae-Ha's POV

මමත් ටේහ්‍යුන්ග්නුත් කයිරොන් පස්සෙන් ගියා...කදවුරුකරුවන්ගෙන් බොහෝ දෙනා 'අර්ධ ලෝහිත කදවුර' කියලා ගහලා තිබුනු තැඹිලි පාට ටීශර්ට් ඇදගෙන හිටියා...අපි දිහා හැමෝම බැලුවත් ආයෙමත් එයාලා උනන්දුවක් නොදක්වා තමන්ගේ වැඩ ටික කරගෙන ගියා...

මහගෙදරින් ඈතට ඈතට යද්දී මං ආපහු හැරිලා බැලුවා...ඒක දැවැන්ත ගොඩනැගිල්ලක්...තට්ටු හතරක් උසට තිබුනා...වහලය මුදුනේ රාජාලියෙකුගේ හැඩයට සුළං පෙති තිබුනා...බිත්ති අහස් නිල්පාට සහ සුදුපාටින් ආලේප කර තිබුනා...

ඊට උඩින් අට්ටාලයක් තිබුනත් එතන කවුරුත් ඉන්න බවක් පෙනුනේ නෑ...

"අතන අට්ටාලයේ කවුරුහරි ඉන්නවද?"

මගේ හිතේ තෙරපි තෙරපි තිබුනු ප්‍රශ්නේ ටේහ්‍යුන්ග් ඇහුවා...

"නෑ ටේහ්‍යුන්ග්...අපේ පරණ ඔරැකල්ගේ මමිය තිබ්බේ නම් ඔතන...දැන් කවුරුවත් නෑ..."

මම ඒ උත්තරයෙන් සෑහීමකට පත් වුනේ නෑ...

"ඔරැකල් කියන්නේ කවුද?"

මං ඇහුවා...

"ඔරැකල් කියන්නේ අනාවැකි කියන කෙනෙක්...ඒ කියන්නේ ඔයාට ගවේෂණයකට යන්න ඕනි නම් එයාගෙන් අනාවැකියක් අහන්න ඕනි...ම්ම්ම්...ඉස්සෙල්ලා හිටපු ඔරැකල් හේඩීස්ගේ ශාපයකට අහුවෙලා මමියක් විදිහට හිටියා...ඒත්...දැන්...ඔරැකල් ආත්මයත් හේඩීස්ගේ ශාපයත් දරාගන්න පුළුවන් කෙනෙක් අපිට හම්බුනා...එයා තමා දැන් ඔරැකල්..."

කයිරොන් විස්තර කරන ගමන් ස්ට්‍රෝබෙරි යායක් මැදින් ගියා...වන දෙවගනන් ස්ට්‍රෝබෙරි පැලවලට සාත්තු කරන හැටිත් භාගයක් මිනිස් භාගයක් එළුවෙක් වුනු අය බටනලාවලින් තාල වයන හැටිත් දැක්කා...

"අර කවුද?.."

මං එළු-මිනිස්සු ටිකකට අත දික් කරලා ඇහුවා...

"එයාලට කියන්නේ 'සැටර්' කියලා...ස්ට්‍රෝබෙරිවලට වැවෙන්න උදව් කරනවා...ඒ වගෙන් තමා අපි කදවුරේ වියදම පිරිමහගන්නේ...ආහ්...ඔන්න අපි කැබින් තියෙන තැනට ආවා..."

එතන කැබින් විස්සක් තිබුනා...කැබින් විස්ස මැදින් තියෙන ගිනිමැලය ළග හෙස්ටියා ඉන්න හැටි මාත් ටේහ්‍යුන්ග්නුත් දැක්කා...හැබැයි අනික් අය නම් එයා ගැන වැඩි සැලකිල්ලක් පෙන්නුවේ නැහැ...

THE TRIAMWhere stories live. Discover now