06 : ඒරීස්ගේ හා පැටියා...

14 4 0
                                    

Choi Mae-Ha's POV

මල්ලව පොර පුරුදු කරන තැනට මං තනියම ගියා...එතන සමහර විට ටේහ්‍යුන්ග් හරි ජිමින් ඇති...ඒත් මං යද්දී එතන ළමයි වටවෙලා බලන් ඉන්නවා...මුළු කදවුරම වගේ එතැන...

"තමුසේ...මහ ලොකු කෙරුමෙක්ද?"

ගහගන්න සද්ද වගයක් ඇහෙද්දී මං එතැනට දිව්වා...රැස් වෙලා ඉන්න කදවුරුකාරයෝ මාව දැක්ක ගමන් එකිනෙකාට මුමුනන්න පටන් ගත්තා...

ඒ ඇයි කියලා තේරුණේ මල්ලවපොර පිටිය මැද වැටිලා ඉන්න කෙනා දැක්කම...

"ටේහ්‍යුන්ග්..."

මගේ තොල්වලින් එයාගේ නම පිටවුනා...මගේ මුළු ඇග පුරාම කේන්තිය පිටාර ගලන්න ගත්තා...මගේ යාලුවට අත උස්සන්න තරම් හයියක්...ඒත් එක්කම එයාට ගහන කෙනා ආයෙමත් ටේහ්‍යුන්ග්ට අත උස්සද්දි මං මැදට පැනලා එයාගේ අත අල්ලගත්තා...

"මේහා...!!!! එපා!!!"

ටේහ්‍යුන්ග් මගේ අතින් අල්ලගෙන පිටිපස්සට අදිද්දී මං එයාගේ අත ගසලා දැම්මා...මගේ ඉස්සරහා හිටියේ අවුරුදු 13ක හෝ 14ක පොඩි එකෙක්...දැවෙන රතු පැහැ ඇස්වලින් බලාගෙන හිටියේ මාව දෙකට කඩලා දාන්න තරම් කේන්තියෙන්...

ඒත් එක්කම මට ජිමින් කලින් දවසේ කැබින් බලන්න යනකොට කියපු දෙයක් මතක් වුනා...

"මේ ඒරීස් කැබින් එක...යුද්ධවලට අධිපතිනේ...මං මේ අනතුරු අගවනවා හොදේ...මේ කැබින් එකේ ළමයි එක්ක පැටලෙන්න යන්න එපා හරිද? දත් නැතුව එන්න ආසනම් ප්‍රශ්නයක් නෑ..."

වයසින් පොඩි උනාට ඇගෙන් නම් එහෙම නෑ...එයාගේ හැඩි දැඩි ඇග යුද්ධයට අධිපතිගේ වගේම දරුණු ඇති කියලා මට හිතුනා...ඒ උනාට මූන හරිම කියුට් හා පැටියෙක්ගේ වගේ...

ඒරිස්ගේ හා පැටියා...

මං අල්ලන් හිටපු ඒ පොඩි කොල්ලගේ අනිත් පැත්තට ඇඹරුවා...ඊට පස්සේ එයාව අනිත් පැත්තට හරවලා...මට පිටුපාන විදිහට හරවලා මං අඹරවලා අල්ලන් ඉන්න අත එයාගේ පිටිපස්සට කරලා තද කෙරුවා...

වටේ පිටේ හිටපු අය ලොකු හුස්මක් ඉහලට ඇද්දා...මං එයාව එහෙම්මම අල්ලන් ඉද්දි එයාගේ පිටට කකුලෙන් පාරක් ගැහුවේ ඒරිස්ගේ හා පැංචා ඉස්සරහට තල්ලු වෙලා වැලි පොලොවේ හොම්බ ඇන ගනිද්දී...

THE TRIAMWhere stories live. Discover now