17 : ආදර්ශවත් රාක්ෂණිය සහ ජිමින්

21 3 0
                                    

Choi Mae-Ha's POV

ජින් ඔප්පා වංකගිරියේ අස්සේ ගමන් කලේ නිකන් ගෙදර වත්තේ දුවනවා වගෙයි...ඒ තරම් පලපුරුද්දෙන් එයා අපිට පාර පෙන්නුවා...

ඒත් මොහොතකට....

"මේ ලී දොර..."

අපි අට දෙනාම ලී දොරක් ඉස්සරහා නැවතිලා හිටියා...ජින් ඔප්පා ලී දොරට අත තිබ්බේ අවිනිශ්චිත හැ‍ඟීමකින්...

"ඔප්පා...ප්‍රශ්නේ මොකද්ද?"

මං එහෙම කියද්දී එයා මට යන්න ඉඩ දුන්නා...

"මොකක් හරි එහා පැත්තේ තියෙනවා නේ?"

මං එහෙම අහලා එයා දිහා බැලුවා...එයා ඔලුව ඉහළ පහළ වැනුවෙ ඔව් කියලා කියන්නයි...

"කරන්න දෙයක් නෑනේ...වෙන පාරක් හොයන්නත් නෑ...හ්‍යුන්ග්...ඔයාට පේන්නේ මේ පාර විතරනේ..."

ටේහ්‍යුන්ග් එහෙම අහද්දී ජින් ඔප්පා ආයෙමත් ඔලුව වැනුවා...

"මෙතනින්...මෙතනින් පස්සේ මොකක් හරි තියෙනවා...ඒ කියන්නේ...වංකගිරිය කොහෙට හරි ඇරෙනව වගේ එකක්...ලොකු එළියක් පේනවා..."

ජින් ඔප්පා එහෙම කියද්දී මං කට්ටිය දිහා බැලුවා...

"එහෙනම්...අපි...ඇතුළට ගිහින් බලමු..."

===============================

අපි දොර ඇරගෙන ඇතුලට ගියා...අපි ඇතුල් වෙනකොටම ඇටසැකිල්ලක් දකිද්දී චුට්ටක් විතර ගැස්සුණා...ඒ ඇට සැකිල්ලට කලිසමක්, කමිසයක් අන්දලා ටයි එකකුත් ගැටගහලා සපත්තු දෙකකුත් දම්මවලා තිබුනා...බොරු කියන්න ඕනි නෑ...එතන පො....ඩ්ඩක් විතර බය හිතෙන තැනක්...

අපි ඇටසැකිල්ල නොබලා කාමරය ඇතුලටම ගියා...කාමරයේ බිම දෙකට කැඩුණු 2B පැන්සල් දහස් ගානක් තිබුනා...එතන ඉන්න හිටින්න බැරි තරමේ ගඳක් තිබුණා...අර අපිට මුලින් හම්බුණු සැකිලිවලට අමතරව තව සැකිලි ගානක් බිම තිබුනා...අළුත් පරණ් දෙවර්ඟයෙන්ම....

"ඈ....ක්..."

ජන්ග්කුක් කෑගැහැව්වා...ඒත් එක පාරටම අපි අටදෙනාට ස්පොට් ලයිට් අටක් වැදෙද්දී කලබල වුනා...ඒ වෙලාවේ තමයි මං  රාක්ෂණිය දැක්කේ....

"අර බලන්න.."

මං ඇඟිල්ල දික් කරලා රාක්ෂණිය අනිත් අයට පෙන්නුවා...විශාල වේදිකාවක් මධ්‍යයේ කථිකාසනයක සිටි එයාට ස්පොට් ලයිට් දාලා තිබුනා...කොණ්ඩේ ගුලියක් විදිහට බැදගෙන ඕනාවටත් වඩා මේක් අප් තලියක් තවරගෙන හිටියා...එයාගේ පපුව මැද තිබුණු රිබන් එකේ ලියලා තිබුණු දේ කියවගන්න වචන අන්ධතාවය (dyslexia) නිසා තරමක් වෙලා ගියත් ඒකේ තිබුණේ...

THE TRIAMOù les histoires vivent. Découvrez maintenant