08 : මම කවුද?!!

22 3 1
                                    

Time Skip : After a week
Choi Mae-Ha's POV

මේ සතිය ඇතුලත හුගක් දේවල් වෙනස් වුනා...ටේහ්‍යුන්ග්ට පොසෙයිඩන් හිමිකම් කිව්වට පස්සේ එයාව කැබින් අංක 3ට යන්න පුළුවන් වුනා...එතකොට මං...

හර්මීස් කැබින් එකේ තනි වුනා...

ටේහ්‍යුන්ග්ට වුවමනා වුනා මාව එයාගේ කැබින් එකට ගන්න...ඒත් ඒක කදවුරු නීතිවලට පටහැනි...හැමවෙලේම මේ කොල්ලා මගේ පස්සෙන් වැටිච්ච ගමන්මයි හැබැයි...

කවුරුත් මට තාම හිමිකම් කිව්වෙ නෑ...ඒකෙන් මට හිතුනා එක්කෝ මං සුළු දෙවියෙක්ගේ ළමයෙක්වත් වෙන්න ඇති කියලා...මං තනිවෙන වාරයක් පාසා ඒරිස් කැබින් එකේ උන් නම් දැගලුවේ මාව තලලා දාන්නමයි...ඒත් ඉතින් මං ඉඩ දෙයි ඕවට...ගැහුවොත් ගහනවා...මැරුවොත් මරනවා...

කෙසේ වෙතත් කයිරොන් මං ගැන හුගක් සැලකිල්ලෙන් ඉන්න බව මට තේරුණා...එයා කියන විදිහට මේ සියවසේ බලගතුම උපදෙවිවරු දෙන්නෙක් නියම වෙලා ඉන්නවා...ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ටේහ්‍යුන්ග්...අනිත් කෙනා තාම හොයාගෙන නෑ...

ඒ කොහොම වෙතත්...හිතට අමුතු දුකක් දැනුනා...මං තනිවෙලා කියන හැගීම හිතට දැනෙද්දී අම්මා ගාවට දුවලා යන්න හිතුනා...කයිරොන් අම්මට අපි මෙහේ ඉන්නවා කියලා දුන්නට පස්සේ අම්මා කිව්වේ මෙහේ ඉදන් පුහුණුවීම් කරන්න කියලා...

ඒ කොහොම වුනත් ජිමින්, හොබී ඔප්පා, නම්ජුන් ඔප්පා පුළුවන් හැමවෙලාවටම මාව බලන්න ආවා...මාව ලඟින් තියාගන්නම උත්සහ කලා...ඒත් අර යුන්ගි...මූන දිහා බලන්නෙවත් නෑ...එයා නපුරු පාටයි...හේඩීස් වගේම ඇති කියලා මට හිතුනා...අර හා පැටියා...මාව තලන්න බලාගත්තු ගමන්මයි ඉන්නෙ...දවසින් දවස මාරුවෙන් මාරුවට එයයි මමයි නහය කඩා ගන්නවා...ඇපලෝ කැබින් එකට යනවා...හොබී ඔප්පගෙන් බැනුම් අහ අහ බෙහෙත් දාගන්නවා....

ඒක ශෝක් වෙලාවකට...ජන්ග්කුක් එක්ක ගහගත්ත පළවෙනි සහ එකම ගෑණු ළමයා හින්දද කොහේ මට කදවුරේ හොද පිලිගැනීමක් තිබ්බා...

ඒක මරු වැඩේ...

නම්ජුන් ඔප්පා කියන සමහර දේවල් හරි..තමන්ගේ දේව අම්මා හරි තාත්තා හරි තමන්ව පිළිගන්නවා කියලා හිතන් නොඑන පණිවිඩ එනකන් බලන් ඉද්දී නිකන්ම දෙවිවරු ගැන කේන්ති යනවා...වැරදි මඟට පෙලඹෙනවා...
සමහර විට...මගේ තාත්තා මං ඉපදුනාට පසුතැවිල්ලෙන්ද ඉන්නේ...

THE TRIAMWhere stories live. Discover now