05 : හැකියා හදුනා ගනිමු...

20 4 0
                                    

Choi Mae-Ha's POV

"මේහා..."

"ම්ම්ම්..."

"ටේහ්‍යුන්ග්..."

"ඇයී...??"

කවුදෝ කතා කරනවා ඇහෙද්දී මං ටේහ්‍යුන්ගේ අත තද කරලා අල්ලගත්තා...ටේහ්‍යුන්ග්ටත් ඒ කෙනා කතා කරද්දී කොල්ලා මගේ ඇගට කකුලක් දාගෙන තද කරලා බදාගත්තේ ආපහු නින්දට යන ගමන්...

"දෙයියනේ...නැගිටිනවලා..."

ජිමින්ගේ සුමිහිරි ශබ්දය මගේ කන පලාගෙන ඇතුල් වෙද්දී ගැස්සිලා ඇහැරුණා...ටේහ්‍යුන්ගේ මාව තද කරන් බදාගෙන හිටපු නිසා නැගිටගන්න බැරුව හිටියේ...

දෙන්නටම තිබුනේ එක ඇදයි...එයා මට ඇද දීලා බිම නිදියන්න හැදුවේ...ඒත් ඉතින් එයා බිම නිදාගන්නවා බලන් ඉන්න බෑනේ මට...වද කරලා ඇදට නග්ගගත්තා...කොහොමත් අපි දෙන්නා මෙහෙම නිදියන නිසා ගානක් නෑ...ජිමින්ටත් හුරු හින්දා ප්‍රශ්නයක් ඇත්තෙම නෑ....

"අහ්...ජිමින්...මොකෝ මේ උදේම..."

ටේහ්‍යුන්ග් එක ඇහැක් ඇරලා ජිමින් දිහා බලලා මගේ බෙල්ල අස්සෙන් මූන ඔබාගෙන කොදුරද්දී ජිමින් ඔලුවේ අත ගහගත්තා...මං ටේහ්‍යුන්ගේ කොන්ඩේ අස්සෙන් මගේ අතැගිලි යැව්වා...මුලු කැබින් එකම ටිකට් නැතුව ෆිල්ම් එකක් බලනවා වගේ බලන් හිටියා...

"හා...හා...ඔය ළමයි යන්න..."

ජින් ඔප්පා එහෙම කියද්දී ළමයි අපි දිහා බල බල මොන මොනාදෝ කුටු කුටු ගගා එලියට ගියා...උන් හිතනවා ඇති මේ මගේ කොල්ලා කියලා...

"ටේහ්‍යුන්ග්...නැගිටින්න ළමයෝ...මේ ළමයි බලන් ඉන්නවා..."

මං එහෙම කියද්දී ටේහ්‍යුන්ග් නැගිටලා මගේ දිහා බලලා කම්මුලෙන් කිස් එකක් තිබ්බා...ඒක එයාගේ පුරුද්දක්...කකුල මගේ ඇගෙන් අරගෙන ඉදගත්තා...

"ඉක්මනට ගිහින් ලෑස්ති වෙන්න...ඔයාලගේ පුහුණුව අද පටන් ගන්නවා...ඉක්මන් කරන්න..."

මමයි ටේහ්‍යුන්ග්නුයි ඇදෙන් බැස්සා...

"ආහ්...තව දෙයක්...හෙට බෝට්ටු තරගේ තියෙනවා...ඒකට ඔයාලා ලෑස්ති වෙන්න ඕනි...තේරුණාද?"

"ඔව්..."

ජිමින් එහෙම කියන ගමන් එලියට ගියා...මමයි ටේහ්‍යුන්ග්නුයි ලෑස්ති වෙලා එලියට ගියේ මිස්ටර් ජිමින්ව අවුස්සගන්න බැරි නිසා...

THE TRIAMWhere stories live. Discover now