Choi Mae-Ha's POV
"මේහා...නැගිටින්න ළමයෝ..."
කවුරුහරි මගේ ඔලුව අතගානවා මට දැනුනා...කටහඩ ජින් ඔප්පාගේ වගේ...ඒත් නැගිටින්න නම් කිසිම වුවමනාවක් මට තිබුනේ නෑ...
"රෑ කෑම ගත්තෙත් නෑ...අනේ මන්දා...අර යුන්ගි මොනා කරනවද මන්දා.."
නම්ජුන් ඔප්පාගේ කටහඩ ඇහෙද්දී මං ඇස් දෙක තද කරලා පියාගත්තා...නැගිටින්නේ නැතුවම එයාලා කතා කරන එක අහගෙන හිටියා...
"යුන්ගි කියන්නේ මේහා බලවත් කියලා...එයාගේ කඩුව ඇල්ලුවා කියලා කිව්වේ..."
"එහෙම වුනත් මේ කෙල්ලට කෑගහලා හරියන්නේ නෑනේ නම්ජුන්...මේ ළමයා මොන වරදක් කලාටද?"
එහෙම කියද්දී ජින් ඔප්පා මගේ ඔලුව අතගාන එක නැවතුණේ හක්ගෙඩියක සද්දයක් ඇහුණු නිසා...ඇදිරි නීතිය දාලා...
"නම්ජුන්..දැන් යන්න ඔයාගේ කැබින් එකට...අපි හෙට උදේට බලමුකෝ..."
"හ්ම්ම්..."
කැබින් එකේ ලයිට් ඕෆ් වෙද්දී හැමෝම ඇස් දෙක පියාගෙන නිදාගන්න උත්සහ කලත්...මම ඇස් දෙක ඇරලා වටපිට බැලුවා...හැමෝටම නින්ද යනකන් මට ටික වෙලාවක් ඉන්න වුනා...
================================
"ඔහ්...දැන්නම් නිදි වගේ.."
මං මටම කොදුරගන්න ගමන්...මගේ කදවුරු ඇද යට තිබුනු මල්ල එලියට ගත්තා...
"මේ තියෙන්නේ මගේ රත්තරන්..."
මං සාමාන්‍යයෙන් ස්ප්‍රයිට්වලට ඇබ්බැහි වෙච්ච මනුස්සයෙක්...බෑග් එක ඇතුලේ තිබ්බ ස්ප්‍රයිට් කෑන් හයෙන් තුනකුත්, චොක්ලට් බිස්කට් පැකට් එකකුත් අරගෙන එලියට බැස්සා...
"හැමෝම එක්ක තරහා වුනා කියලා බඩගින්නේ ඉන්න බෑනේ.."
ඔරු පදින විල ඉවුරෙන් ඉදගත්ත මං ස්ප්‍රයිට් කෑන් එකක් කැඩුවා...ඒ ලෙමන් රස හැමවෙලේම මගේ හැම නහරයක්ම උත්තේජනය කරනවා...
මිනී කන හාර්පිලා එන්න තව වෙලාව තියෙනවා...ඒ නිසා ටික වෙලාවක් හිටිය හැකි...
"මෙතන මොකද කරන්නේ...??"
මගේ පිටිපස්සෙන් කටහඩක් ඇහෙද්දී මං හැරිලා බැලුවා...තනි කළු ඇදුමක් ඇදගෙන හිටපු ඒ කෙනා කළුවර නිසා හරියට පේන්නෙත් නෑ...නිකන් හෙවනැලිවල කොටසක් වෙලා...ඒත් රෑ හද එලියෙන් එයාගේ කඩුව දිලිසෙන්න ගත්තා...
![](https://img.wattpad.com/cover/365268882-288-k155028.jpg)
YOU ARE READING
THE TRIAM
Mystery / Thrillerමම Choi Mae-Ha...සියුස්ගේ එකම උපදෙවි දුව... කවදාවත් මං හිතුවේ නෑ...ඔලිම්පස්වලට සම්බන්ධයක් තිබ්බට මං උපදෙවියෙක් කියලා...ඒකත් සියුස්ගේ...හැමෝම මං දිහා බලන්නේ අමුතුවට...ඒක ඔක්කොටම වඩා එපා වෙනවා... ඒ අතරේ තමා මට ගවේෂණයක් සෙට් වෙන්නේ...ඒකත් නැති වෙච්ච පො...