🌹 විසි අටවන දිගහැරුම 🌹

435 111 96
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

පුංචි බේබී ඔයාට පිස්සුද...

මට ඇති පිස්සුවක් නෑ මිනිහෝ.. නවත්තනවා ඔය කඩේ ලගින් වාහනේ.. ඒ මිනිස්සු කඩේ වහන්නද කොහෙද හදන්නෙ...

වලව්වෙ වාහනේ වැඩ කරන රියදුරාට නම් හිතාගන්නවත් බැරි උනා... තමන්ගෙ හාමු මහත්තයගෙම ගති ගුණ එහෙම්ම පිහිටලා තියෙන පුංචි බේබී ලොකු හාමුට දෑහැට පේන්න බැරි මේ වන්ග්ලගෙ කඩේ ලග වාහනය නතර කරන්නලු...

චූටී බේබීට කරදරයක් වෙලා බව ඇත්ත.. නමුත් එහෙමයි කියලා පුංචි බේබී මෙහෙම මේ මිනිස්සුන්ගෙ කඩේ අස්සෙ රිංගන එක හරිද.. ඒවා වලව්වෙ මිනිස්සුන්ට ගැලපෙනවද...

ඕවා වලව්වට ගැලපෙන වැඩ නෙවෙයි පුංචි බේබී...

රියදුරා වාහනය නවත්වන ගමන් කියද්දි ශූලී ඒ මනුස්සයට දුන්නෙ දවා අලු කරන බැල්මක්...

එතකොට තමුසෙද මට වලව්වට ගැලපෙන නොගැලපෙන දේවල් කියලා දෙන්නෙ ආ...

නෑ එහෙම නෙවෙයි පුංචි බේබී.. ලොකු හාමු උනත් මෙවුන්ට කැමති නෑනේ...

අනේ නිකන් ඉන්නවා ඕයී.. මගුලක් කියෝනවා..

ශූලී වාහනෙන් බැස්සේ රියදුරාට දෙහි කප කප... බලන් ගියාම වලව්වෙ අයිතිකාරයොන්ට වඩා මේ කටු කන බල්ලොනෙ සෑහෙන්න උඩින් යන්නෙ... වලව්වෙ උන්ට ගැලපෙන නොගැලපෙන දේවල් කියලා දෙන්න එන්නෙත් මේ කොහෙවත් ඉන්න රියදුරෙක්...

දැනටමත් කඩේ අස් කරලා මින් එක්ක රෑන්ග් පිට වෙලා ගිහින් තියෙද්දි යීබෝ කැශියර් පුටුවෙ ඉදන් ඔහේ කල්පනා කරේ ශාන් දවල් කතා කරපු එක ගැන...

එක වචනයක් වත් යීබෝ එක්ක කතා නොකරට එයා ස්තීරවම කිව්වා එයා යීබෝට ඇරෙන්න කාටවත්ම කවදාවත්ම ආදරේ කරන්නෙ නෑ කියලා...

ඒ මචන්.. උබට සනීපත් නෑනේ බන්.. කල්පනා කරන්න එපා.. ගිහින් බේත් බීලා නිදිය ගනින්.. චූටී බේබී උබව අතාරින්නෙ නෑ බන්...

ජියා කිව්වෙ ඔෆිස් ගිහින් ඇවිත් යීබෝ ලෙඩ නිසා කඩේ බලන්න ඕන සේරම දේවල් බලලා කරලා ඇවිල්ලා යීබෝගේ ඔලුවත් අතගාලා...

🌹රෝ ස🌹✔️✔️  YIZHAN Where stories live. Discover now