Special Note !!

311 32 0
                                    

කවදාහරි මේඝ කියවන්න ඉන්නවනම්.. මේක නොකියවා ඉන්න එක වඩාත් හොඳයැයි මම නිර්දේශ කරමි !! එහෙම අදහසක් නැත්තන් කිසිම ප්‍රශ්නයක් නැත.


ඉටිපන්දම් කියන්නේ මගේ මේඝ කියලා ලියපු ෆස්ට්ම ලෝන්ග් ස්ටෝරි එකේ සයිඩ් ස්ටෝරි එකක්.. නෑ අපිට ඒකට සයිඩ් ස්ටෝරි කියන්න බෑ. මේක මේඝ  එකේ දිගුවක් කියමුකෝ.. හරියට සීසන් ටූ වගේ.. නමේම තියෙනවනේ.. පොඩ්ඩක් වෙනස් ක්ෂානරයක් යටතේ මේ පොත ලියවෙන්නේ.. ෆැන්ටසි සයන්ස් ෆික්ශන් කවලම් වෙලා.. මේඝ කියන්නෙ ඒ කැටගරීස් ඇතුළේ තිබුණු පොතක් නෙමෙයිනේ..

මේඝ නොකියවපු කෙනෙක්ට නම් මුලින්ම ඉටිපන්දම් කියවද්දි ඇතිවන ප්‍රශ්නය තමයි කවුද මේ පන්සිළු කවුද මේ මෝක්ෂ කියන එක..

පන්සිළු වීණාත් කස්තුරිආරච්චි.. මෙයා කේශර ප්‍රභූ මේඝාදිත්‍ය කියන මේඝ ස්ටෝරි එකේ මේන් ලීඩ් මනුස්සයගේ සෙකට්‍රි.. සෙකට්‍රි කියන්නේ නිකන් රස්සාව හඳුන්වන්න දාපු නමක් විතරයි ඊට වඩා බලතල පන්සිළුට තියෙනවා..පන්සිළු කියන්නේ අනාථ ළමයෙක්.. ඉපදිලා මාස ගාණකින් වගෙ ඉඳලම පන්සිළු හැදෙන්නෙ ඕපනේජ්වල.. ඔය ඕපනේජ් එකේ සක්‍රීය දායකයෙක් තමා මිසිස් විමළධර්මසූරිය කියන්නේ.. ඒ කියන්නේ මේඝගේ අම්මා..  එයා පන්සිළුව ඇඩොප්ට් කරනවා මේඝ එක්ක එකට හදන්න කියලා හිතාගෙන.. ඉතින් එදා ඉඳන් ඩබල එකටම තමයි ඉන්නේ.. විමළධර්මසූරිය ෆැමලි එක ලොකු බිස්නස් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන ෆැමලි එකක්.. ඉතින් රජගෙයි පරවියෝ දෙන්නෙක් විදියට තමයි දෙන්නම ජීවත් වෙන්නෙ.. 

එතකොට මෝක්ෂ සිහිලැල් රිදීගම්මන කියන්නේ ළඟදි එස්.එස්.පී. කෙනෙක් වෙන්න ඉන්න දැනට ඒ.එස්.පී කෙනෙක් විදියට වැඩ කරන පොලිස් ඔෆිසර් කෙනෙක්.. මේ මනුස්සයා මුළු සමාජෙටම මාර ස්මාට් මාර දක්ෂ පොලිස් ඔෆිසර් කෙනෙක් වුණාට.. යාළුවෝ සෙට් එකට වැටුණාම තනිකරම ටියුබ්ලයිට්.. කොටින්ම නික් නේම් එකත් මෝඩ පොලිස්.. මෝක්ෂගේ තාත්තා ඉස්සර වැඩ කළේ විමළධර්මසූරිය ෆැමලි එකට.. එයාලා ෆැමලි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉතින් රජ තුන්කට්ටුව චූටී කාලේ ඉඳන්ම අඳුනනවා.. එකම ඉස්කෝලවලට ගිහින් තියෙන්නේ.. පස්සේ පොඩි හේතුවක් නිසා.. මෝක්ෂ සහ මේඝ නුවරඑළියේ විමළධර්මසූරියලගේ එස්ටේට් එකේ බන්ග්ලෝ එකකට යවනවා.. පන්සිළු කොළඹ.. ඔය ගෙදරදි වන එක්තරා සිද්දියක් නිසා මේඝ සහ මෝක්ෂ තරහ වෙනවා.. සෑහෙන කාලයක් යනකන් හතුරො වගේ ඉඳලා.. පස්සේ යාළුවෙනවා මේඝ එකේදි.. ඒවා එච්චර හිතන්න එපා.. දැන් තුන්දෙනාම පරණ විදියටම යාලුවෝ..

එතකොට මේඝ මැරි කරලා ඉන්නේ අවින්දි රන්දුනු සේනාධීරව.. මේඝ කියන්නේ මහ අමුතු මිනිහෙක්.. පොර කතා බහ කරන්නේ බොහොම අඩුවෙන්. හැබැයි ඇවිදින පුස්තකාලයක්. කරන්නේ හරියටම මෙන්න මේකයි කියන්න බැරි තරම් එක එක ජොබ් කරන මනුස්සයෙක්.. අවින්දී ඒකෙ අනික් පැත්ත.. ඒ දෙන්නගේ ස්ටෝරි එක තමා මේඝ.. 

එතකොට මේඝට ඉන්නවා මල්ලි කෙනෙක්.. යශේන් සංඛ ප්‍රභාශ්වර.. මල්ලිත් දැන් මැරි කරලා ශයෙත් ස්කයිලි කියලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා.. එතකොට ඔය යශේන් එහෙමත් නැත්තන් අලබට්ටගේ වයිෆ් තමයි යස්වින්දි අනුත්තරා කියන්නෙ.. යස්වින්දි සහ අවින්දි කියන්නේ ඉතින් බොක්කේ යාලුවෝ තමා.. ඔය මේඝලා යශේන්ලා සෙට් වෙන්න කලින් හරියට අර රජ තුන්කට්ටුව වගේ තමයි යස්වින්දියි අවින්දියි දෙන්නම පොඩි කාලෙ ඉඳන්ම යාලුවෝ.. උන් දෙන්නට අම්බානෙට ට්‍රැක පැනලා තියෙන්නේ..

යොමේන් කියන්නේ මෝක්ෂගේ යටතේ වැඩ කරන පොලිස් ඔෆිසර් කෙනෙක්.. එයා මෝක්ෂගේ නැට්ට වගේ පස්සෙන්ම තමයි.. ඕන මිශන් එකකට මෝක්ෂ එක්ක යන්නේ යොමේන්.. එතකොට යොමේනුත් මේ හින්දා ඔය කියල යාලුවෝ සෙට් එකට හෙන ෆිට්.. 

ආ.. පන්සිළු ඉස්සර යස්වින්දිට වන් සයිඩ් ලව් කරලා තියෙනවා... හැබැයි යස්වින්දි අද වනතුරුත් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ.. එයා යශේන් අලබට්ටා එක්ක හරිම ප්‍රිතියෙන් දීග කනවා.. එයාලා පදිංචි මැරි කළාට පස්සෙ නුවරඑළියේ...

මන් හිතන්නේ ඔක්කොම විස්තර කිව්වා.. අනෙක් දේවල් කතාව කියවලා තමයි දැනගන්න වෙන්නේ.. හැපි රීඩින් එහෙනම් !!

...................................................

යස්වි

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWhere stories live. Discover now